හෙද කාර්ය මණ්ඩලයට  වහාම ප්‍රවාහන පහසුකම් සපයන්න - හෙද සංගමය ඉල්ලයි

හෙද කාර්ය මණ්ඩලයට  වහාම ප්‍රවාහන පහසුකම් සපයන්න - හෙද සංගමය ඉල්ලයි

හෙද කාර්ය මණ්ඩලයට ගමනාගමන පහසුකම් නොමැති නිසා සේවයට වාර්තා කිරීමේ දුෂ්කරතාවයන්ට පිළියම් යොදන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොරෝනා වසංගත උවදුර තවමත් නිසියාකාර ලෙස තුරන් නොවීම නිසා අවශ්‍ය ලෙස ගමනාගමන පහසුකම් සපයා නොතිබීමෙන් හෙද කාර්ය මණ්ඩලය මහත් අසාධාරණයකට පත්ව සිටිති. පොදු ප්‍රවාහන සේවය තවමත් විධිමත්ව නොමැති නිසා හෙද නිලධාරින්ට අමතර ධනය වියදම් කොට පෞද්ගලික වාහන ලබාගෙන සේවයට වාර්තා කිරීමට සිදුවී ඇත. මේ තත්ත්වය නිසා අද හෙද කාර්ය මණ්ඩලයට නොසන්සුන්තාවයකින් සිය රාජකාරින් ඉටු කිරීමය සිදුවි ඇත.

එබැවින් සෞඛ්‍ය ලේකම්ගේ අති.ලේ(පාලන)02/10/2020 චක්‍රෙල්ඛය අනුව ප්‍රවාහන සේවය විධිමත් වනතුරු යථෝක්ත චක්‍රෙල්ඛයේ විධිවිධානයන් නොනවත්වා ක්‍රියාත්මක කරලීමට අදාළ බලධාරින්ට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂණික අවධානය යොමු නොවුහොත් අප සංගමයට ද කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇත. ඒ හේතුවෙන් ආයතනයක් තුළ කිසියම් අප්‍රසන්නකාරී තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම සංගමය බාර නොගන්නා බවත් එය පරිපාලනය බාරගත යුතු බවත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

වැඩබිම