“සුවසැරිය“ සේවකයින් මර්ධනයට එරෙහි උද්ඝෝෂණයක්

“සුවසැරිය“ සේවකයින් මර්ධනයට එරෙහි උද්ඝෝෂණයක්

 “සුවසැරිව“ සේවකයින් විසින් වෘත්තීය සමිතියක් ගොඩනැගීමට එරෙහිව එහි පාලනාධිකාරිය විසින් සේවකයින්ගේ සේවය අවසන් කිරීමට විරෝධය පා “වැඩකරන ජනබලය“ වෘත්තීය සමිති සන්ධානය විසින් එම සේවක මර්ධනයට එරෙහිව විරෝධතාවයක් ඊයේ (08) රාජගිරිය සුවසැරිය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

එම උද්ඝෝෂණය සඳහා සේවය අහිමිවූ සුවසැරිය සේවයකියන් හා ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති රාශියක නායකයින් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටිය අතර, පූර්ණ වශයෙන් කොවිඩ් නීතිරීතිවලට යටත්ව මෙම උද්ඝෝෂණය කරනු දක්නට ලැබුණි.

සුවසැරියේ සේවකයින් විරෝධතාවක (වීඩියෝ)