ඌව පළාතේ හෙද නිලධාරින්ට “ILO C 190 සම්මුතිය“ ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

Previous Next

 ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 ජූනි මාසයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, (C190) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධව සම්මුතියක් සම්මත කරගන්නා ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන “කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකරන හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය“ එරෙහි දින 16ක වැඩසටහන නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් 10 දින ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාව තුළද එම පනත සම්මත කරගැනිමේ වැදගත් කමත් හා ඒ පිළිබඳව දැනුවත් කිරිම සඳහා වැඩමුළුවක් අදාළව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කාන්තා අංශය ඌව පළාතේ රජයේ රෝහල් වල සේවය කරනු ලබන හෙද සේවාවේ නිලධාරින් දැනුවත් සඳහා එක්දින වැඩමුළුවක් බණ්ඩාරවෙලදී පවත්වන ලදි.

එම වැඩමුළුවේදි, “ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් අනුමත කළ 190 සම්මුතිය කුමක්ද ?“ පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහාතා විසින් සිදුකරන ලදි. සමන් රත්නප්‍රිය මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 190 සම්මුතිය සම්මත කරගන්නා සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද වෘත්තීය සමිති නායකයෙකි. ආහාර මූලික කොටගත් තොරතුරු හා ක්‍රියාකාරි ජාලය සංවිධානය ඌව පළාතේ සම්බන්ධිකාරික, හේමන්ත දර්ශන මහතා විසින් “ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා පිටුදැකීම“දේශණය පවත්වන ලද අතර, එම්. ෆයිසර් මහතා හා පී. යෝගීස්වරි මහත්මිය විසින් වැඩමුළුව මෙහෙයවන ලදි.

මෙම වැඩමුළුව සංවිධානය  රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ, අධ්‍යාපන අංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.