කොවිඩ් තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලයි

කොවිඩ් තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලයි

කෝවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් කෝවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධව කඩිනම් වෘත්තීය සමිති සාකච්ඡාවක් ලබාදෙන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත හා කෝවිඞ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ

කෝවිඩ් වසංගතය හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව, එය සමාජ, ආර්ථික, දේශපාලනමය අර්බුදයක් බවට පැහැදිලිය. මෙම තත්වය හමුවේ මෙම වසංගතයට මුහුණ දීමේදී අප විසින් මේ දක්වා අනුගමනය කළ ක්‍රියාකාරකම්වල බරපතල ගැටළු, අඩුපාඩු හා අවිද්‍යාත්මක ප්‍රවේශය අප සංගමය විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම කෝවිඩ් වසංගතයට රටක් ලෙස සාර්ථකව මුහුණදී රටත්, ජනතාවත් මෙම අර්බුදයෙන් මුදවාගෙන ජන ජීවිතය යළි යථා තත්වයට පත්කිරීම සඳහා විද්‍යාත්මක, ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් කළ හැකිය. ලෝකයේ බොහෝ රටවල් ‘‘කෝවිඩ් සමග ජීවත්වීම’’ යන සංකල්පයෙන් බැහැර වී කෝවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් ප්‍රවේශය මගින් සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටී.

ඉහත කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමුකර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් වෘත්තීය සමිති සාකච්ඡාවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.