අවදානමක්  අඩු ප්‍රදේශ වලින් රෝගීන් හමුවීමෙන් කොරෝනා අවදානම ඉහල ගිහින්

අවදානමක්  අඩු ප්‍රදේශ වලින් රෝගීන් හමුවීමෙන් කොරෝනා අවදානම ඉහල ගිහින්

කොරෝනා අවදානමක් නොමැති බවට හඳුනාගත් ප්‍රදේශවල ද කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රවණතාවක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමුකර පාලනය කිරීමට සුදානමින් සිටිය යුතු බව අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳන් කරන්නේ කොවිඩ් ආසාධිතයින් ගාල්ල, පොළොන්නරුව, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් මේ වනවිට හමුවීම ඉහළ අගයක් ගන්නා අතර, කළුතර දිස්ත්‍රික්කයේ ඇති දැඩි අවදානම් තත්ත්වය පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.