2020/2021 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී දෙවන කණ්ඩායමෙන් ඉල්ලීමක්!

2020/2021 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී දෙවන කණ්ඩායමෙන් ඉල්ලීමක්!
රටේ ආර්ථික දත්ත යහපත් ආකාරයට පවත්වාගෙන යාම සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් ලැබෙන සහය අපිරිමිතයි. ගමින් ගමට ගොස් සියලුම මව්වරුන්ගේ සහ ළදරුවාගේ රැකවලා ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් කටයුතු කරයි.
   
  මෙහි දී මෙම සේවාවේ පවතින 3800ක පමණ පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් 2021/01/01 දින 2029 දරණ ගැසට් නිවේදනය මගින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබීය. මෙහි දී අති විශාල අයදුම්කරුවන් ප්‍රමාණයකගෙන් 2836ක ප්‍රමාණයක් පුහුණුව සඳහා බඳවාගැනීමට සුදුසුකම් ලැබීය. මෙහිදී සුවිශේෂී කරුණ නම් 3000ක සිසුවියන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය  ද ලැබීම ය. 
 
  • 2021 ජනවාරි මස   අයදුම්පත්‍ර යොමු කිරීම.
  • 2021 ජූලි සිට සැප්තැම්බර් දක්වා සම්මුඛ පරීක්ෂණ සිදු කිරීම.
  • 2021 දෙසැම්බර් මස සුදුසුකම් ලැබූ පිරිසේ 2836ක නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීම.
  • 2022 පෙබරවාරි මස සුදුසුකම් ලැබූ පිරිසේ 2836 දෙනාට තමා කැමති හෙද විදුහල නම් කිරීමට අවස්ථාව ලබා දීම.
 
මේ ආකාරයට අයදුම්පත්‍ර යොමු කිරීමේ සිට අද දක්වා අවුරුදු දෙකයි මාස 09ක් පමණ ගත වී ඇති අතරම 2836ක සිසුවියන් ප්‍රමාණයෙන් 1000ක පමණ සිසුවියන් පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබුවේ ද දැඩි ඉල්ලීම් සහ අපගේ බලපෑම් මත යි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිරි 1650ක පමණ සිසුවියන් බඳවා ගැනීමට නොහැකි ලෙස පවසන්නේ
 
 • හෙද විදුහල් තුළ ඉඩ ප්‍රමාණවත් නොවීමත්
 
• මුදල් අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකළ නිසාත් යන කරුණු මත බව පවසමින් අපගේ පුහුණුවීම  දිනෙන් දින කල් දමමින් පවතී. 
 
කරුණු එසේ තිබියදී 3000ක හෙද සිසු සිසුවියන් පිරිසක් පුහුණුවට බඳවාගැනීමට කටයුතු කරනු ලැබීය. 
 
කණගාටුවට කරුණ නම් අප 2015/2016/2017  යන වර්ෂවල උසස් පෙළ හැදෑරූ  වසර 25ත් 31ත් අතර දිලිඳු පවුල්වල දරුවන් වීමයි. මෙහිදි අපගේ පුහුණු කාලසීමාව අවුරුදු 1 1/2ක් වන අතරම පුහුණුව සම්පුර්ණ කර පත්විම් ලැබෙන තුරුම විවාහ නොවිය යුතු බව ගැසට් නිවේදනයේ ප්‍රකාශ කර ඇති අතරම රටේ සක්‍රීය ශ්‍රමය මේ ආකාරයට කාර්යක්ෂම සේවයට යෙදවිමට ඇති අවස්ථාවත්, අපගේ කාලය අපතේ යාමක් සිදු නොවන්නේද?
 
අප ඉල්ලීම් කරනු ලබන්නේ පළමු කණ්ඩායමේ සිසුවියන් 2023 ඔක්තොම්බර් මස වන විට හෙද විදුහල් පුහුණුව අවසන් වීමට නියමිත බැවින් දෙවන කණ්ඩායම සදහා හෙද විදුහල් තුළ ඉඩ පහසුකම් සැලසෙන හෙයින් ඉතිරි 1650 ක පමණ වන සිසුවියන් ප්‍රමාණය හෙද විදුහල් වල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
 
සියලුම සුදුසුකම් සපිරූ 1650 ක මෙම සිසුවියන් පිළිබද අවධානය යොමු කරමින් අපගේ ගැටළුව  පිළිබද මානුශීයව අවධානය යොමු කොට කඩිනමින් ඉදිරි පියවර ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
 

ස්තුතියි