“නිපා” වෛරසයට අනියත බියක් එපා

“නිපා” වෛරසයට අනියත බියක් එපා

“නිපා” වෛරසයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති නොකර ගතයුතු  බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කරන ලද්දේ “නිපා” වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සදහා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“නිපා” වෛරසය පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දිනවල දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ අගෝස්තු මස අග සිට “නිපා” වෛරස ආසාදනයක් ලෙස පැතිරෙමින් යන බව පැවැසීය. මේ පිළිබදව මාධ්‍ය මගින් දින කිහිපයක් පුරා විවිධ වූ අදහස් පළ කරන ලද බවත්, මීට පෙර බංග්ලාදේශයේ මෙය වසංගතයක් ලෙස පැතිර ගිය බවත් කීය.

මෙය නව වෛරසයක් නොවන බව ද මෙරටින් මෙම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බව ද අවධාරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තත්ත්වය පිළිබදව කොවිඩ් වසංගතය මෙන් බිය විය යුතු නැති බවත්, රට ලොක්ඩවුන් කිරිමට, වෙළදසැල්, ගුවන් මගීන් පරික්ෂා කිරීම වැනි ක්‍රියාවන් සිදු කිරිමට කිසිදු අදහස් නොමැති බව ද පැවැසිය.

වෛරසය පිළිබදව අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය  සමිත ගිනිගේ මහතා -

“මෙම වෛරස අසාදනය අළුත් වෛරස් ආසාදනයක් නොවෙයි. මුලින්ම 1998 මැලේසියාවෙන් ලොකුම වසංගත තත්ත්වය වාර්තා වනවා. එය රෝගීන් 300 කට පමණ සීමා වෙනවා. පසුව සිංගප්පූරුවෙන් රෝගීන් 11 ක් පමණ වාර්තා වෙනවා. මේ රෝගය කාලිනව අවශ්‍ය පියවර ගැනිම තුළින් වෛරසය හටගත් රටේම පැතිරීම පාලනය කර තිබෙනවා. වෙන රටවලට පැතිරීමක් සිදු ව නැහැ. 2001/2018 වසරවල වරින්වර බංග්ලාදේශයෙන් සුළු රෝගීන් සංඛ්‍යාවක් විවිධ ස්ථානවලින් අවස්ථා කිහිපයක දි වාර්තා වුණා. 2001 / 2007 බටහිර බෙංගාලයෙනුත් රෝගින් වාර්තා වෙලා තිබෙනවා. හැම අවස්ථාවකම එම රටවල් තුළ වෛරසය පැතිරෙන්නේ නැතිව සාර්ථකව පාලනය කර තිබෙනවා.”

“දැනට රෝගය පවතින කේරළ ප්‍රදේශයේ 2018/2023 අතර, අවස්ථා 04 ක දී මෙම වෛරස් තත්ත්වය සුළු වශයෙන් ඇතිවෙලා තිබෙනවා. එය ද කාලීන ක්‍රම තුළින් පාලනය කර ගත හැකි වී  තිබෙනවා.”

“වර්තමාන තත්ත්වය තුළ ඉන්දියාවේ කේරළයෙන් දැනට රෝගීන් 06 ක් වාර්තා වී තිබෙනවා. මරණ 02 ක් සිදු වෙලා තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශයේ යම්  යම් සීමාවන් පනවා තිබෙනවා. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නියැදි පරීක්ෂණ සදහා ලක් කර තිබෙනවා ඔවුන් තාම ආසාදිතයින් වී නැහැ. වෙනත් ප්‍රදේශවලට පැතිරීම පාලනය සදහා ආරක්ෂිත වැඩපිළිවෙලක්. ලොක්ඩවුන් තත්ත්වයක් ඇතිවෙලා නැහැ. අනියත බිය සාමාජජාලවල ඇතිකර තිබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා නියැදි නැහැ.”

“මෙහි වාහකයා වවුල් ප්‍රභේදයක්. වවුලන්ගේ මල මුත්‍රා හරහා ආසාදිත වෛරස තැවැරීමෙන්  පැතිරීම සිදුවෙනවා. සතුන් පළතුරු වැනි දැ අනුභව කිරිමෙන් මහජනතාවට මෙම වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරිම සිදු වන්නේ ඉතාමත් ලගින් ඇසුරු කරන අයෙකුට පමණයි. ඒ කෙළ බිදිති මගින්.  මෙය වාතය හරහා බොවෙන වෛරසයක් නොවෙයි. පැතිරිම අඩුවේගයකින් සිදු වෙන්නේ. රෝගය වැළදී ඉතා කෙටි කාලයකක් තුළ සුව විය හැකියි. රෝග ලක්ෂණ මතුනොවන පිරිසකුත් සිටිනවා. ස්වසන අපහහුතා ඇතිවිය හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර තත්ත්වයට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ එ් තුළින් ද සීමා වෙලා තිබෙනවා. වෙනත් රටකින් තවත් රටකට යාමට ආසාදිතයාට කාලයක් නැහැ.”

“සමස්තයක් ලෙස ගත්විට මෙය ගෝලීය වශයෙන් ඇතිවිය හැකි වසංගත තත්ත්වයක් නොවෙයි. අනෙක් රටවලට පැතිරීමට ඇති ඉඩකඩ සාපේක්ෂව ඉතාමත් අඩුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබදව ඉතාමත් අවධානයෙන් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙනවා. තවම රටට අවධානම් සහගත තත්ත්වයක් නැහැ.”

වෛරසය පිලිබදව මෙහිදී අදහස් දැක්වු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය. -

මෙම වෛරසය වවුලන් තුල තමයි ගුණනය වෙන්නේ වවුලන් තමයි මේක තියාගෙන ඉන්නේ.වවුලන්ගේ ශ්‍රාවයන් එක්ක මේක එලියට එනවා. වවුලන් පලතුරු කනවා, රෑට රා මුට්ටි වලින් ඒවා බොන්න හදනවා‍. එතකොට ඒ ශ්‍රාවයන් රා මුට්ටි වල තියෙන්න පුළුවන්. තව පලතුරු වල ඒ වවුලන්ගේ ශ්‍රාවයන් තියෙන්න පුළුවන්. ආසාදිත වවුලන්ගේ ඒ ශ්‍රාවයන් තියෙන පලතුරක් මිනිසෙක් කෑවොත් ඒ වවුලන්ගෙන් මනුෂයන්ට ආසාදිත තත්වයන් ඇති වෙන්න පුළුවන්. තව ඌරනුත් මේ ශ්‍රාවයන්ට ගොදුරු වුවහොත් ඒ කියන්නේ වවුලන්ගෙන් එන මේ ශ්‍රාවයන්ට ගොදුරු වුවහොත්  ඌරටත් මේ ආසාදනය ඇති වෙන්න පුළුවන්. ඌරන්ගෙන් නැවත වාරයක් මේ ශ්‍රාවයන් එලියට එන්න පුළුවන්. ශ්‍රාවයන් එක්ක වෛරසය ද එලියට එන්න පුළුවන්. එවිට අපි ඌරන් ලෙඩ වෙලා ඉන්නවනම් හරි සහ වවුලන් දෂ්ට කරපු කෑම කෑමෙන් වලකින්න ඕනෑ මේ වෛරසයෙන් බේරෙන්න නම් හැබැයි දැනට ලංකාවේ නැති නිසා අපි ඒ ගැන දැඩි බියක් ඇති කර ගන්න ඕන නෑ . මම පැවසුවේ මේ රෝගය ඇති වෙන විදිහ. එතනින් තමයි මිනිසුන්ට එන්නේ. මිනිසුන්ට ආවට පස්සේ ඔවුන් ගෙන් බෝ වෙන්න  පුළුවන්. වෛරසය මනුස්සයකුගේ ඇගේ තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක් ගොඩක්ම රෝගී කෙනෙක් ලගට ගියොත් තමයි නැවත් මනුස්සයකුට ඒක බෝවෙන්න පුළුවන්.

පලතුරු හොදට  සෝදා ආහාරයට ගන්න ඕනෑ. දැනට ලංකාවේ රෝගීන් වාර්තා නොවන නිසා බිය විය යුතු නැහැ. ලෙඩ ඌරන් සහ වවුලන් ගැවසෙන ප්‍රදේශ වලට යාමෙන් වලකින්න ඕනෑ. මේක බෝ වෙන්නේ විශේෂ වවුල් විශේෂයකින්. ෆෘට් බැට් කියාලා තමයි ඒ වවුල් විශේෂයට කියන්නේ. ලංකාවේ ඉන්න වවුලන් ෆෘට් බැට්ලද කියලා අපි තාම අනුමාන කරලා නෑ. ඒක නිසා අපිට ඒක ගැන ලොකු බියක්  ඇති කරගන්න අවශ්‍ය නෑ. අපි මුලින්ම කරන්න ඕනෑ මේක රටට ඒම වලක්වා ගැනීම. පොඩි දරුවන්ට පලතුරු දෙනවිට හොදට සෝදා දෙන්නත් පලුදු වු පලතුරු දරුවන්ට දීමෙන් වලකින ලෙසත් දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

---