උසස් පෙළ සමත් යුවතියන්ට රජයේ රැකියා

උසස් පෙළ සමත් යුවතියන්ට රජයේ රැකියා

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණීන් ලෙස පුහුණු කිරීමට අභයාසලාභීන් මාර්ගගත (Online) ක්‍රමයට බඳවාගැනීම 2021.01.08 (සිකුරාදා) දින සිට සිදුකෙරේ. 2021.01.08 සිකුරාදා රජයේ ගැසට් පත්‍රය මගින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk මගින් මේ පිලිබඳ වැඩි විස්තර ලබාදෙනු ඇත.

කෙසේවෙතත් අයදුම්පත් යොමු කල හැක්කේ හෙට (2021.01.08) සිට 2021.02 01 දක්වා කාල සීමාව තුල www.health.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත -Online -ක්‍රමයට පමණි.

අයදුම්පත් සම්පූර්ණ කිරීමට පෙර කියවා බැලීමට අවශ්‍ය සියලු තොරතුරු අඩංගු විස්තර පත්‍රිකාව අද දින (2021.01.08) සෞඛ්‍ය අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම පලකෙරේ. අද (2021.01.08) දින නිකුත් කරන ගැසට් නිවේදනයද, මාර්ගගත (Online ) ක්‍රමයට සම්පූර්ණ කර යොමුකල යුතු අයදුම්පත්‍රයද හෙට සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

2015 , 2016 හෝ 2017 යන වර්ෂවලින් එක් වර්ෂයකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ඕනෑම විෂය ධාරාවකින් විභාගය සමත්වූ සිසුවියන්ට මේ තනතුරට අයදුම් කල හැකිය. අවිවාහක අයට පමණක් මෙම තනතුරට ඉල්ලුම් කල හැකිය.

උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සමත් අයගෙන් මෙම තනතුරට බඳවා ගැනීම දීප ව්‍යාප්තව සිදුකරන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද මෙයයි. එසේම මෙවර අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂාකර බඳවාගන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අභයාසලාභීන් ලෙස එක් වරකට බඳවාගන්නා ඉතිහාසයේ වැඩිම පිරිස බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ සම්බන්ධීකරණ අංශය පවසයි.

(මෙය දළ සටහනකි. නෛතිකව වලංගු වන සුදුසුකම් හා කොන්දේසි ගැසට් පත්‍රයට අනුවයි)