සෞඛ්‍ය ක්‍රම අනුගමනය නොකිරීම මගින් මහජනයාට දඞුවම් කිරීම වැරදී පුර්වාදර්යක්

සෞඛ්‍ය ක්‍රම අනුගමනය නොකිරීම මගින් මහජනයාට දඞුවම් කිරීම වැරදී පුර්වාදර්යක්

මුඛ ආවරණ නොපැලදී මහජනතාව සදහා, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඊයේ දවසේ දී මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්වීම, දඩුවමක් ලෙස සමජ ගතවීම, සෞඛ්‍ය සේවාවෙන් හා රසායනාගාර ක්‍රම වෙද ජනතාවගෙන් ඈත් කරවීමට හේතු විය හැක.

සෞඛ්‍ය සේවාවේ ක්‍රමවේදයන් සහ නිර්මිතයන් එලෙස පොලිසිය හෝ වෙනත් පාර්ශවයන් විසින් දඬුවම් ලබාදීමේ ඒකක ලෙස භාවිතා කිරීම මගින් සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජනතාවට ඇති බැඳීම පලුදු වේ.

සමාජය තුළින් තෝරා ගන්නා ඕනෑම නියැදියක්, අහඹු පරීක්ෂණ ක්‍රියාවලියට ලක් කිරීම මේ මොහොතේ වසංගතය පාලනය පිළිබඳව විද්‍යාත්මක නිර්ණායක ලබාගැනීමට වැදගත් වන නමුත් එම කිසිදු අවස්ථාවක එම නිර්ණායක ලබාගැනීම මහජනතාවට ලබා දෙන දඬුවමක් ලෙස ක්‍රියාත්මක නොවිය යුතුය.

එසේම එම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේදී පන්සියයක පමණ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණ ප්‍රමාණයකින්, 14 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති බවද වාර්ථාවේ.

"මුඛ ආවරණ නොපළඳින මහජනතාවට කොවිඩ් අසාධනය වී ඇත" යන වැරැදි මතවාදය එමගින් සමාජගත වීමට ඉඩ නොතැබිය යුතු අතර, එහිදී මුඛ ආවරණ පැළඳීම හෝ නොකිරීමට වඩා, සමාජය තුළ අහඹු ලෙස ආසාදිතයන් ව්‍යාප්තව තිබීම පිළිබඳව බරපතල අවධානය යොමුවිය යුතුය.

එබැවින් මෙම දත්තයන් පාවිච්චි කර සමාජය තුළ කෙතරම් දුරට මෙම රෝගය ව්‍යාප්ත වී ඇද්ද යන්න තහවුරු කර ගනිමින් ඊට පිළියම් යෙදීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ බලධාරීන්ගේ වගකීම වන අතර ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෝ සෞඛ්‍ය සේවාවේ ඒකකයන් මහ ජනතාවගෙන් ඈත් කර තැබිය හැකි අන්දමේ දඬුවම් කිරීමේ ඒකක ලෙස භාවිතා කිරීම හෝ එවන් ප්‍රකාශ සමාජගත කිරීම වහාම වැලැක්විය යුතුය.

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය