වරාය රැක ගැනීමේ අරගලයට "වැඩ කරන ජන බලය" සහාය

වරාය රැක ගැනීමේ අරගලයට පූර්ණ සහයෝගය ලබා දීමට ලංකාවේ ස්වාධීන වෘත්තිය සමිති නියෝජනය කරන ප්‍රධාන වෘත්තිය සමිති මධ්‍යස්ථානයක් වන "වැඩ කරන ජන බලය වෘත්තිය සමිති මධ්‍යස්ථාන" තීරණය කොට තිබේ. ඒ පිළිබඳව වැඩ කරන ජන බලය වෘත්තීය සමිති ව්‍යාපාරට අනුබද්ධ බැංකු, සෞඛ්‍යය, ගුරු, තැපැල්, දුම්රිය, වරාය, සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන වෘත්තිය සමිති ඒකාබද්ධව සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පහත අදහස් දක්වන ලදී.

• රවී කුමුදේශ් - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය

"ආණ්ඩුව දැන් කරන්නේ එක එක රටවල බලපෑම්වල ප්‍රමාණයට, රටේ විකුණන කොටස් ප්‍රමාණය තීරණය කරන එක. රට ගැන හිතන එකට වඩා විදේශීය බලවේග රට බෙදාගන්න කරන බලපෑම තුල හිර කරුවෙක් බවට ආණ්ඩුව පත් වෙලා.

ජපානය විසින් සහන ණය ක්‍රමය යටතේ ලබාදුන් සැහැල්ලු දුම්රිය සේවාව නවතා දැමුවේ චීන බලපෑමට. ඒකට වන්දියක් විදිහට, ජපානයට සහ ඉන්දියාවට වරාය නැගෙනහිර පර්යන්තය දෙන්න හදනවා.
මේ විකිනිල්ලේ හැඩය හැදුවේ එතුමාම කියලා ජානාධිපති තුමා නැවත නැවත කියද්දී, ජනාධිපතිතුමා මේව දන්නෙ නෑ කියන්න සමහරු උත්සහ කරමින් ඉන්නවා.

රටට ඩොලර් උපයන එකම ආයතනයත් මෙහෙම විකුණලා දානවා නම්, රටම විකුණනවා හැර වෙන විකල්පයක් නැහැ"

• කේෂර කෝට්ටේගොඩ - ලංකා බැංකු සංගමය

"වරාය රැකගැනීම සඳහා, රජය වරාය පවරන්නට යන්නේ ඉන්දියාවේ මස්වැද්දා ටය. මස්වැද්දා විසින් වරාය වෙත එවන ලද දඩ බල්ලා "අදානි සමාගම" විය හැකියි. එය ඉන්දියාවේ දූෂිතම ආයතනයක් බවට වාර්ථා තබලා තියනවා. වෙන වෙන නම් වලින් ආණ්ඩුව විකුණනවා. ජාතික සම්පත් විකුණන ආණ්ඩු සේරම ගෙදර ගියා වගේ, මේ ආණ්ඩුවත් ගෙදර යන්න ලෑස්ති වෙන බවක් තමයි පේන්න තියෙන්නේ"

• ලාල් බංගමුව - වරාය ස්වාධීන සංගමය

"වර්තමාන ජනාධිපති ට වඩා, සිරිසේන ජනාධිපතිවරයා ශක්තිමත් බව ඔප්පු කර තිබෙනවා. ජාතික බලවේග දුෂ්ට බලවේග තිබුනේ පහුගිය කාලේ. දැං දෙගොල්ලොම එකතුවෙලා වරාය විකුණන්න හදනවා.

• ජෝසප් ස්ටාර්ලිං - ලංකා ගුරු සංගමය

"ආණ්ඩුවේ ඇතැම් අය වරාය පිළිබඳ විරුද්ධ මත සංවාද වීම හොඳ බව බොරුවට කියනවා. එහෙම කියලා අනිත් පැත්තට ඇවිල්ලා වරාය සේවකයෝ දඩයම් කරනවා. මේ වන විට වෘත්තීය සමිති නායකයන් තුන් දෙනෙක් දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ආණ්ඩුව මර්දනය ගෙනාවොත් ඒකට වෘත්තීය සමිති විදිහට ඕනෑම සහයෝගයක් අපි දෙනවා"