මෙරට කොරෝනා තත්ත්වය ගැන දැන්වත් ජනතාවට ඇත්ත කිවයුතුයි - PHI සංගමය

මෙරට කොරෝනා තත්ත්වය ගැන දැන්වත් ජනතාවට ඇත්ත කිවයුතුයි - PHI සංගමය
කොවිඩ් - 19 වෛරසය පාලනයකින් තොරව රටපුරා පැතිර යමින් පවතින බවත් බලධාරීන් තවදුරටත් සමාජ ව්‍යාප්තිය පිළිබඳ  ජනතාව  දැනුවත්කර මෙහි ඇති සැබෑ අවදානම අවබෝධ කරදී රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතා සහාය ලබාගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශකර තිබේ.
 
"මේ රෝගීන් දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් වාර්තා වෙනවා. මේ දත්ත විශ්ලේෂණය කරලා බලලා සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් රටට සමාජගත වෙලා නෑ කියන වචන හරඹයක නොයෙදෙමින් මහජනතාවට සැබෑ තත්වය අවබෝධ කරවලා දැනට රටේ පවතින අවදානම, කොවිඩ් 19 පාලනයකින් තොරව රටපුරා පැතිර යන ආකාරය පිළිබඳව සත්‍ය තොරතුරු මහජනතාවට ප්‍රකාශ කරලා, මේක වළක්වාගන්න සහයෝගය ලබාගැනීම තමයි යුතුකම කියලා අපි සලකන්නෙ. ආසාදිත රෝග ලක්ෂණ නැති පුද්ගලයින් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙනිහිල්ලා ඒ පවුල් අපහසුතාවයට පත්නොකර, ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා" යනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.