වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වේ

වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වේ

කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම එම නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව මාර්තු මස 5 වන දා සිට වලංගු වේ.

එයට අනුව අවම දෛනික වැටුප රුපියල් 900ක් වන අතර අයවැය සහන දීමනාවක් ලෙස රුපියල් 100ක දීමනාවකට ද වතු කම්කරුවන් හිමිකම් ලබයි.

(පින්තූරය- ඩේලිනිව්ස්)