වරාය සේවකයින්ගෙන් වර්ජනයක රතු එළියක්

වරාය සේවකයින්ගෙන් වර්ජනයක රතු එළියක්

වරාය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව රජය විධිමත් පියවරක් නොගතහොත්  ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනතුරු අඟවයි.

2018 සිට පවතින  වැටුප් විෂමතාව ඉවත් කිරීම හා මේ වසරේ ජනවාරි සිට සියලුම තලවල සේවක වැටුප 33%ක් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් පසුලිය  08 වෙනි දින වරාය වෘත්තීය සමිති 23ක් වරාය අධිකාරියේ සභාපතිවරයා සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වූ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාන  ‘මව්බිම’ට පැවැසීය.

ජීවන වියදමට සරිලන වැටුපක් මේ වන විට වරාය සේවකයන්ට නොලැබෙන සේම චක්‍රලේඛයට අනුව වසර තුනෙන් තුනට වැටුප් වැඩි කිරීම සිදුවිය යුතු අතර ආසන්නම වැටුප් වැඩිවීම (මූලික වැටුපට 5,000 හා අමතර දීමනා 5,000ක් ලෙස) සිදුවූයේ 2018 වසරේදී බව වෘත්තීය සමිති නායකයන් විසින් එම සාකච්ඡාවේදී පෙන්වා දුන්  නමුත් එහිදී කිසිදු එකඟතාවකට නොපැමිණි බව ඔහු පවසයි.

කෙසේ නමුත් වැටුප් විෂමතාව ගැන නැවත සාකච්ඡාවක් මේ සතියේ (12දා) සිකුරාදා ලබාදුන් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.