ගුරු අපේක්ෂාවෙන් සිටි උපාධිධාරීන් රැසකට රාජ්‍ය සේවයේ පත්වීම්

ගුරු අපේක්ෂාවෙන් සිටි උපාධිධාරීන් රැසකට රාජ්‍ය සේවයේ පත්වීම්
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය, වයඹ පළාත් ශිෂ්‍ය උපදේශන ගුරු විභාග සමතුන්ගේ එකමුතුව සහ ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් ගෙනගිය අරගලයේ ජයග්‍රහණයක් ලෙස අද දිනයේ වයඹ පළාත් ශිෂ්‍ය උපදේශන ගුරු විභාග සමතුන්ට පත්වීම් ලිපි ලබාදීම සිදුවිය.
 

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සිය නිල ෆේස් බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් පත්වීම් ලද සියළුම දෙනාට සුබ පැතුම් එක්කර තිබේ.
උපුටාගත් සඳහන පහතින්...

අරගලයක තවත් ජයග්රහණයක් !
2021/04/01
අප ගෙනගිය අරගලයේ ජයග්රහණයක් ලෙස අද වයඹ පළාත් ශිෂ්ය උපදේශන ගුරු විභාග සමතුන්ට පත්වීම් ලිපි ලබාදීම සිදුවිය.
 
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය හා එක්ව ගෙන ගිය මේ සටනේ දිගුව ඒකාබද්ධ ගුරු සේවා සංගමය හා යා කිරීමට අද දිනම කටයුතු කෙරිණි.
වයඹ පළාත් ශිෂ්‍ය උපදේශන ගුරු පත්වීම් ලද සියලු සහෝදරත්වයට සුබ පතන අතර ඉදිරි අරගලවලදී ද මේ සාමූහිකත්වයෙන් මුහුණ දීමට ශක්තිය ධෛර්යය පතමු. 
ජය වේවා ! 
 

උපුටා ගැනීම -ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිල ෆේස්බුක් පිටුව

1