ආණ්ඩුව හා වෘත්තීය සමිති එක්වී එයාපෝට් PCR පරීක්ෂණ ගැන සාකච්ඡාවක්

ආණ්ඩුව හා වෘත්තීය සමිති එක්වී එයාපෝට් PCR පරීක්ෂණ ගැන සාකච්ඡාවක්

ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් කිරීම පිළිබඳව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ දින තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීය.

ගුවන්තොටුපල අනුකජීවී රසායනාගාරය නිවැරැදිව භාවිත කරන්නේ නම් එක් ගුවන් යානාවකින් (ගුවන් මගීන් 250 කින්) පමණක් දිනකට රුපියල් මිලියනයක් පමණ ඉපයිය හැකි වන අතර ගුවන්තොටුපල පාලනාධිකාරියේ බලාපොරොත්තුව අනුව එය දෛනිකව මිලියන 20ක දක්වාද, ඒ අනුව මසකට මිලියන 600 ක පමණ ලාභයක් ලබාගත හැකි ⁣ආදායමක් බවට පත් කල හැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ විද්වත් සංගමය අද සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදී.

IMG 20210401 WA0016

මේ වන විට ලක්ෂ 2.5 ක පමණ PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇති ගුවන් තොටුපළ රසායනාගාරයට ගුවන් මගීන්ගේ පරීක්ෂණ යොමු කර⁣ ඇත්තේ 27000 ක් පමණි. එසේ වීමට හේතුව රසායනාගාරයේ වරදක් බවට පෙන්වා දීමට ඇතැම් පාර්ශවයන් උත්සහ කලද සැබෑ හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රතිපත්ති නිර්මාණය කරන ලද ඇතැම් නිලධාරීන් පෞද්ගලික අංශයට එම පරීක්ෂණ යොමු කිරීමට ගනු ලැබූ තීරණයක් බවත්, එමඟින් රසායනාගාරය ගොඩනැගීමේ මූලික අභිප්‍රායන් ඉටුවී නොමැති බවත් පෙන්වා දෙන ලදී.