විදුලි සේවකයෝ ගත් තීරණය එලෙසමයි

විදුලි සේවකයෝ ගත් තීරණය එලෙසමයි

අද දින (08) ලෙඩ නිවාඩු වාර්තා කර සියලූම විදුලි සේවකයෝ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී  දැවැන්ත උද්ඝෝෂණය ස්ථිරවම කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,

2021 වැටුප් වැඩිවීම ලබා නොදීම හා සේවක උසස්වීම් අහිමි කිරීමට එරෙහිව ඇතුලූ තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් රටේ සියලූ දිස්ත්‍රික්කවල සිටින විදුලි සේවකයෝ කොළඹට පැමිණ මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගී වන බවයි.