වැඩ කරන ජනතාවවේ හඬ වසංගතයෙන් යටපත් නොකළ යුතුයි - ඩාබිඳු සාමූහිකය මැයි දින පණිවුඩය

වැඩ කරන ජනතාවවේ හඬ වසංගතයෙන් යටපත් නොකළ යුතුයි - ඩාබිඳු සාමූහිකය මැයි දින පණිවුඩය

වැඩ කරන ජනතාව සිය අයිතීන් දිනා ගැනීම අර්ථවත් කිරීම සඳහා පෙළ ගැපසන මැයි දින සැමරුම් කොවිඩ් -19 වසංගතයට මුවා වී නවතා දැමීමට ආණ්ඩුව ක්‍රියාකිරීම සම්බන්දයෙන් ඩාබිඳු සාමූහිකය බලවත් විරෝධය පළ කරයි. වසංගත වයාප්තිය වළක්වා ගනිමින් රපේ ජනයා අවදානපමන් මුදා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ කළයුත්ත වුවත් නිසි අවස්ථාපේ සුදුසු ක්‍රියාමාර්ග නොගනිමින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් නොපිළිබඳමින් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් උද්ගත වීමට හේතු විය. එහි වගකීම ආණ්ඩුවේ බලධාරීන් භාර ගත තිබියදී සිදු කොට ඇත්තේ සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමයි.

පසුගිය වසර දෙකහිදී ද පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට මුවා පවමින් හා කොවිඩ් වසංගතය හේතුවක් ලෙස දක්වමින් මැයි දින සැමරුම් අවස්ථා අහිමි කිරීමට පාලකයෝ කළහ.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා වඩාත් පීඩාවන්ට ගොදුරු වූයේ නිදහස් වෙළඳ කලාප වල සේවය කරන ශ්‍රමිකයන් බවද ඩාබිඳු සාමූහිකය අවධාරණය කරයි. වසංගතපේ පළමු හා දෙවැනි රැළිවලදී බොහෝ සේවක පිරිසක් නිරෝධායනයට ලක් කළ අතර ඇතැම් කර්මාන්ත ශාල වසා දැමීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වැටුප් හා දීමනා කප්පාදු කළ අතර අදටත් මෑන් පවර් සේවකයෝ පීඩාවට පත්ව සිටි.

සමස්ත වැඩ කරන ජනයා වසංගතයෙන් මුදා ගැනීම සඳහා ප්‍රතික්තිකරණ එන්නත් ලබාදීම මේ දක්වා සම්පූර්ණ කර නැත.

මහ බංකු වාර්තා පෙන්වා පදන අන්දමට පස්වා කප්පාදුව අතරතුර පවා සමාගම් ලාබ උපයා තිබියදී රජය කම්කරුවන් නොසළකා හැරීම හෙලා දැකිය යුතුය.

එවැනි පසුබිමක රැකියා පරිසරය තුළ සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් ප්‍රවර්ධනය කළ යුතු බව අවධාරණය කරන ඩාබිඳු සාමූහිකය සමාගමපේ නිදහස තහවුරු කිරීම, සමාජ සංරක්ෂණය, රැකියා සුරක්ෂිත බව වර්ධනය කිරීම මෙන්ම සේවා ප්‍රතිලාභ භුක්ති විඳීමට විඳීමට අවස්ථා ලබා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.