අද දුම්රිය පීලිපැනීම් දෙකක් - මුහුදු බඩ මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරෙයි

අද දුම්රිය පීලිපැනීම් දෙකක් - මුහුදු බඩ මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරෙයි
ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දී අද දුම්රිය එන්ජිමක් පීලි පැන තිබූ අතර එය නැවත පීලිගතකර මරදාන ඊඑල්එස් ධාවනාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල නැවත වරක් පීලි පැන මුහුදු බඩ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වේ.
 
මේ හේතුවෙන් ද්විත්ව මාර්ග මුහුදුබඩ මාර්ගයේ තනි මාර්ගයක් පමණක් භාවිතා වන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ.
 

හැකි ඉක්මනින් මෙම මාර්ගය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කිරිමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ  තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.