සති තුනකින් රට තුළ අති බිහිසුණු තත්ත්වයක් -ප්‍රවේශමෙන්!

සති තුනකින් රට තුළ අති බිහිසුණු තත්ත්වයක් -ප්‍රවේශමෙන්!

නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි යැයි කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  සඳහන් කරයි. ඒ නිසා සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බව ඔහු සදහන් කරයි.

වෛරසය ලංකාව තුළ තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවත් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවර ගත යුතු බවත් ඔහු කියා සිටියි. අද ගත යුතු පියවර අදම නොගතහොත් ලංකාව භයානක තත්වයකට පත්වනු ඇතැයිද ඔහු තව දුරටත් අනතුරු අගවයි.