සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් වහා බදවා ගන්නා ලෙසට වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි

සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් වහා බදවා ගන්නා ලෙසට වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි

උසස් පෙළ ගුරු පුරප්පාඩු 5000කට අධික බවත්  සමස්ත ගුරු පුරප්පාඩු 25000ක් බවත්  යෝජනා වූ පරිදි සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් වහා බදවා ගන්නා ලෙසත් ඊට අදාළ වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා ඊයේ (20) අධ්‍යාපන ඇමතිවරයාට  ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ සහ ඒකාබද්ධ උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඤනාන්ද හිමියන් විසින් ලිපියක් බාරදෙන ලදි. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික මුණසිංහ විසින් මෙසේ සදහන් කරන ලදි.

“මේ වෙන කොට අධ්‍යාපන අමාත්‍යවරයා පවා පිළිඅරගෙන තියෙනවා ජාතික පාසල්වල 5000 ආසන්න ගුරු හිගයක් තියෙනවා කායලා. එම බදවා ගැනීම සදහා කැබිනට් අනුමැතියපවා අරන් තියෙනවා. මේ වෙනකන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. මේ සදහා කැබිනට් අනුමැතිය අරන් තියෙන්නේ ගිය අවුරුද්දේ . ජනාධිපතිවරයා උපාධිධාරීන් 53 000 ආසන්න සංඛ්‍යාවක් ගත්තේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය සදහා නායකත්ව විෂයක් හදලා ඒ සදහා මේ උපාධිධාරීන් පිරිසක් අනුයුක්ත කරනවා කියලා . ඒ උනාට තාමත් මේ උපාධිධාරීන් කරමින් ඉන්නේ වසම්වල බඩුමළු බෙදන එක. බදවාගෙන දැන් මාස 08කට ආසන්නයි කිසිදු වැඩ පිළවෙලක් තාමත් නැහැ.  මෙම ගුරුපත්වීම් දෙන්න නිශ්චිත වැඩපිළිවෙළක් හදන ලෙසත් ඒ සදහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් තමයි අද අලි ලිපියක් මගින් ඉල්ලා සිටියේ”

ආවට ගියට මේ ගුරුපත්වීම් වලට තමන්ගේ හෙන්චයින් ඔබා නොගන්නා ලෙසත් අවධාරණය කර ධම්මික මුණසිංහ සදහන් කලේ ලිපිය බාරගැනීම සදහා කොවිඩ් යැයි පවසමින් ලේකම්වරයකු හෝ ඉදිරිපත් නොවූ බවත් නමුත් අමාත්‍යංශය ඇතුලත 40ක 50ක පමණ පිරිසක් වෙසක් සැරසිලි කරමින් සිටි බවත්ය.

උපුටා ගැනීම -LNC පුවත්