විපක්ෂයේ විරෝධය මැද පෝට්සිටි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

විපක්ෂයේ විරෝධය මැද පෝට්සිටි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91 කින් සම්මත විය. මේ අනුව තෙවනවර කියැවීමේදී මීට පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි.

මේ අනුව කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කථානායකවරයා (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 89 කින් සම්මත විය. දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 148 ක්ද විපක්ෂව ඡන්ද 59ක්ද හිමිවිය.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී වගන්ති ගණනාවක් සංශෝධන සහිතව සභාවේ සම්මත වූ අතර ඇතැම් වගන්ති සදහා විපක්ෂය විසින් සංශෝධන ඉදිරිපත් කරන ලද අතර එහිදී වගන්ති තුනක් සදහා ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධන සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ලද අතර එහිදී 7,23 සහ 73 වගන්ති සදහා ඡන්ද විමසීමක් පැවැත්විය.

එහිදී 9 වන වගන්තිය සදහා මන්ත්‍රීවරයාගේ සංශෝධනයට පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද 147 ක්ද , 23 වගන්තිය සදහා පක්ෂව ඡන්ද 45ක්ද විපක්ෂව 146 ක්ද 73 වන වගන්තිය සදහා පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද 148 ක්ද හිමි විය.

මේ අතර විපක්ෂය වගන්ති ගණනාවකට කාරක සභා අවස්ථාවේදී තම විරුද්ධත්වය සටහන් කර ගන්නා ලෙස දන්වා සිටියේය.