පානදුරේ යුනිචෙලා “ප්‍රියන්ති“ කොරෝනා ගොදුරුක් වෙයි

පානදුරේ යුනිචෙලා “ප්‍රියන්ති“ කොරෝනා ගොදුරුක් වෙයි

පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට කොවිඩ් වැළඳී ඇති බව දැන දැනම ඔවුන්ට එන්නත පවා ලබාදීමට ක්‍රියා නොකරමින්, ආසාදිතයින් නිරෝගී සේවකයන් වෙසෙන නේවාසිකාගාර වල නිරෝධායනය කරමින්, සෞඛ්‍ය නීති රීති දැඩි ලෙස උල්ලංඝණය කරමින් සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ද ජීවිත අනතුරේ හෙළමින් කටයුතු කරන ආයතනයක් බව RED සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම සංවිධානය එසේ වැඩිදුරටත් සඳහන් කරන්නේ පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාවේ සේවය කළ ප්‍රියන්තී මෙනවිය කොරෝනා වෛරසයට ගොදුරුවී අකාලයේ මිය යාමත් සම්බන්ධවය.

එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි තරුණ ජීවිත අකාලයේ මියයාමට නොදී වගකීමක් ලෙස ඔවුන් වසංගත තත්ත්වය යටතේ රැකබලා ගැනීමටත්, වසංගතයට ගොදුරු වූවන් හට නිසි ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කරන ලෙසත්ය.

එසේ තම වගකීම් පැහැර හරිමින් කටයුතු කරන කර්මාන්ත ශාලා හිමියන්ට නීතිය මගින් කටයුතු කරන ලෙසත්, එසේ වගකීම් විරහිතව කටයුතු කර මියයන සේවකයින් වෙතොත් එය මිනීමැරුම් චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රෙඩ් සංවිධනය වැඩිදුරටත් වගකියයුත්තන්ගෙන් ඉල්ලා සිටී.