දුම්රියේ මිලදී ගැනීම්වල සිදුවී ඇති අක්‍රමිකතා ගැන වහාම පරික්ෂණ සිදුකරන්න

දුම්රියේ මිලදී ගැනීම්වල සිදුවී ඇති අක්‍රමිකතා ගැන වහාම පරික්ෂණ සිදුකරන්න

ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත ක්‍රියාත්මක දුම්රිය කාර්යක්ෂමතාවය නැංවීමේ ව්‍යාපෘතිය(‍REIP) යන ව්‍යාපෘතීන්ට අදාළ මිළදී ගැනීමේ ක්‍රියාවල සිදුවෙමින් පවතින මූල්‍ය අක්‍රමිකතා පිළිබද වහාම විමර්ශණයක් කරන ලෙස ඉල්ලා දුම්රිය නඟා සිටුවීම සඳහා වෘත්තීය සමිති විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත ලිපියක් බාරදී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඉහත ව්‍යාපෘතීන්ට අදාළව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපයන් සහ එහි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වල විනිවිදභාවය පිළිබද ගැටළු රාශියක් ඇත.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම“දුම්රිය කාර්යක්ෂමතාවය නැංවීමේ ව්‍යාපෘතිය(‍REIP)” ට අදාළව මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිකරලීම යටතේ යෝජිත ව්‍යාපෘතීන් 3න් ඒක් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2018 මැයි මාසයේ සිට ආරම්භ කර ඇත්තේ Two Envelope Two Stage ක්‍රම වේදය යටතේය.

මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය සහ විදේශීය ආයතන 5 ක් පමණක් පිවිතර යොමු කර ඇති අතර පලමු අදියරේම තාක්ෂණික ලංසු ඇගයීමේදිම ආයතන 4 කම තාක්ෂණික යෝජනා අවලංගු කර එම ආයතන 5න් ම ඔවුන් තෝරා ගෙන ඇත්තේ චීන සමාගමක් වන Whale Cloud Technology (PVT) LTD මූලිකව Beijing Jingwei Information Technologies Company China එක්ව ඉදිරිපත් කරන ලද ලංසු ලේඛනය පමණි.

මෙහිදී මූල්‍ය ලංසු ලබා ගෙන ඇගයීම් කර ඇත්තේ ඉහත චීන සමාගමේ ලංසුව පමණි.

මෙයාකාරයට තනි ආයතනයක පමණක් තෝරා ගැනීම තුල තරගකාරී ඇගයීමක් කුමන ආකාරයකටවත් සිදු නොවන දෙයකි. මෙවැනි ක්‍රමයක් තුල නිසියාකාර මූල්‍ය ඇගයීමක් නොවන නිසා තෝරා ගත් ආයතනයට තම හිතු මනාපයට මිළ තීරණය කල හැක.

අවසානයේදී ඇගයීම කරන ලද කමිටූන් විසින් අනුමැතිය ලබා දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය Whale Cloud Technology (PVT) LTD ප්‍රමුක චීන සමාගමයන්ට ලබා දීමටය. ඔවුන්ගේ යෝජිත මූල්‍ය ලංසුව ඇ.ඩො. මිලියන 20කට ආසන්න වේ. තවද මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22කට ආසන්න වේ.

මෙම ව්‍යාපෘතියට ලංසු කැදවීමේදී ලංසු ඉදිරිපත් කරන්නන්ට පූර්ව සුදුසුකම් ලෙස, පසු ගිය වසර 5 තුළ මෙවැනි ව්‍යාපෘතීන් ආකාරයේ ව්‍යාපෘතීන් කර ඇති අත්දැකීම් ඉල්ලා ඇත.

ඒවැනි කොන්දේසියක් පැනවීම සහ මිළදී ගැනීමේ ක්‍රමවේදය වන අදියර දෙකයි ලිපිගානු දෙකයි ක්‍රමවේදය අතර පැහැදිලි පරස්පරතාවයක්ද ඇත.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දේශීය ආයතන සදහා කිසිදු අවස්ථාවක් ලබා දී නැත. වර්ෂ 2018 කලින් පැවති රජය සමයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කොන්දේසි සහිතව කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. එම කැබිනට් අනුමැතිය තුලින් යෝජනා කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ආයතනයක් තෝරා ගත යුතු බවයි. අවසානයේදී Whale Cloud Technology (PVT) LTD ආයතනය විසින් තෝරා ගෙන ඇත්තේ Softlogic Information Technologies (PVT) LTD යන ආයතනයයි. ශ්‍රී ලංකාවේ මේ වන විට ප්‍රධාන පෙලේ දේශීය සහ විදේශීය ආයතන සදහා මෘදුකාංග නිර්මාණය කරන දේශීය ආයතන කීපයක්ම ඇත. මෙම තෝරා ගැනීම කුමන පදනමක් මත සිදු වූවක්ද යන්න ප්‍රහේලිකාවකි. මෙය සදහා ඔවුන්ට අදාල සුදුසු කම් පිළිබඳ නිසි ඇගයීමක් කරාද යන්න අපැහැදිලි වේ.

Whale Cloud Technology (PVT) LTD යන ආයතනයේ පෙර නාමය වන්නේ ZTESOFT Technology Co., LTD ය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අවසන් කිරීමට වසර තුනක් සහ ඉන් පසු වගකීම් කාල සීමාව වසර අටක් වේ.

අනෙක් අතට ඒවැනි අත්දැකීම් ඇති ආයතනයකට මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වසර 3ක කාලයක් අවශ්‍ය වන්නේ නම් එයද ප්‍රශ්නාර්ථයකි.මන්ද මෙම ව්‍යාපෘතියට අදාළව අත්දැකීම් ඇති ආයතනයකට ඔවුන් සතුව මෙයට අදාළ ප්‍රධාන පද්ධතිය (Core Application) තිබිය යුතුය, ඔවුන් කළ යුතුව ඇත්තේ මෙම යෝජිත ව්‍යාපෘතියට අදාළ පද්ධතිය අවශ්‍ය ආකාරයට (Customization) කිරීම පමණි, වසර 3ක් යනු මෙවැනි පද්ධතියක් මුල සිට (බිංදුවේ සිට) නිර්මාණය කරනා කාලයයි.

අදියර දෙකයි ලිපිගානු දෙකයි යන (Two Envelope Two Stage) ප්‍රසම්පාදන ක්‍රම වේදය යනු කුමක්ද?

ප්‍රසම්පාදන ක්‍රමවේදයන්

1. අදියර එකයි ලිපිගොනු එකයි ක්‍රමවේදය
2. අදියර එකයි ලිපිගානු දෙකයි ක්‍රමවේදය
3. බහු අදියර ක්‍රමවේදය
4. අදියර දෙකයි ලිපිගානු දෙකයි ක්‍රමවේදය

අදියර දෙකයි ලිපිගොනු දෙකයි ක්‍රමවේදය බහු අදියර ක්‍රමවේදය යටතේ ඇති එක් ක්‍රමයකි.

අදියර දෙකේ ක්‍රම වේදය

මෙම ක්‍රමෙච්දය යොදා ගැනෙනුයේ ඉතා සංකීර්ණ තත්වෙයේ මිලදී ගැනීම් සදහාය. එනම් අදාල ව්‍යාපෘතියේ විශය පථයට අදාල කරුණු පිළිබද ස්ථිර වශෙයන් නිගමනයන් නැති මිලදී ගනීම් සදහාය. (මෙය Design & Build යන ව්‍යාපෘති සදහා භාවිතා කෙරේ)

මෙම අදියර දෙකේ ක්‍රම වේදය යටතේ
පළමු අදියෙර් දි මිළ සදහන් නොකල තාක්ෂණික ලිපිගොණු පමණක් ලංසු කරුවන්ගෙන් කැදවනු ලබයි, ඉන් පසු ඒම තාක්ෂණික ලිපි ගොනු ඇගයීමට ලක් කරයි, සහ ඒවායේ කරුණු පිළිබද ලංසුකරුවන් සමග සාකච්ඡා කර ගැණුම්කරුගේ ව්‍යපෘතියට අදාල විසදුම නිගමනය කර එයට අදාල සුදුසු ලංසු කරුවන් තෝරා ගනී.
ඉන් පසු දෙවන අදියරේදී තෝරා ගත් ලංසු කරුවන්ගෙන් මූල්‍ය ලංසු කැදවීම් කර ඒම තාක්ෂණික හා මූල්‍ය ලංසු අවසන් ඇගයීමකට ලක් කර සුදුසුකම් සැපුරූ ආයතනය තෝරා ගනු ලබයි.

අනෙක් අතට ශ්‍රී ලංකා දුම්රිය සදහා රජයේ ආයතනයක් වන සහ අතිගරු ජනාධිපතිතුමා යටතේ පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ ආයතනයක් වන මොබිටෙල් සමාගම විසින් මේවන විටද ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රෝණික ප්‍රවේශ පත්‍ර(E-ticketing) නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකය. එය වැඩි දියුණු කළහොත් මෙතරම් මුදලක් හෝ කාලයක් වැය වන්නේද නැත. මෙයට අප ආයතනය සහ අප රට වෙනුවෙන් සම්බන්ධ වූ අදාළ වූ නිළධාරීන් කළ යුත්තේ මෙවැනි අවස්ථාවන් පිළිබදවද ඇගයීම් කිරීමයි, මේවා සහනදායි ලෙස වුවද අප රටේ ජනතාවගේ කර පිටින් යන ආපසු ගෙවිය යුතු ණය මුදල්ය.

මෙම සියළු කරුණු සැළකිල්ලට ගත් කළ මෙතරම් මුදලක් මෙය සදහා වැයවන්නේද යන්න ඉතා සැක සහිත කරුණකි. ඒම නිසා මෙම ව්‍යාපෘතියට අදාළ මුදල් වෙන්වීම් වල Break Down ඒක විමර්ශණයට ලක් කළ යුතව ඇත, එනම් මෘදුකාංග(Software ) සහ දෘඩාංග (Hardware ) සදහා යන යෝජිත වියදම් මොනවාද, සහ ඒවායේ දැන් පවතින වෙළදපොළ මිළ ගණන් මොනවාද යන්නයි.

මෙය සදහා තෝරා ගෙන ඇති චීන සමාගම් වන “Whale Cloud Technology (PVT) LTD” මූලිකව සහ “Beijing Jingwei Information Technologies Company China” යන ආයතන පිළිබදවද නිසි සොයා බැලීමක් කළ යූතුව ඇත. එනම් මෙම ආයතන මෙවැනි ව්‍යාපෘතීන් කර ඇත්නම් ඒවා මොනවාද සහ කුමන රටවලද යනාදි වශයෙන්, සහ මොවුන්ගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් කවුරුන්ද, කුමන පදතමකින් ඔවුන් නියෝජිතයින් වූවේද යනාදිය. මන්ද මේ පිළිබද මූලික සාකච්ඡා වලදී මෙම ආයතන නියෝජිතයින් ලෙස පෙනී සිටි චීන ජාතික පුද්ගලයින් මේවන විට ඉදිරිපත් නොවන අතර ඒ සදහා මේ වන විට විවිධ දේශපාලනික පුද්ගලයින් නියෝජිතයන්යැයි කියා ඉදිරිපත් වේ. ඒම නිසා මෙම කරුණු පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

මෙම ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ඒවා ක්‍රියාත්මක කිරීම් පිළිබද නිසි සොයා බැලීමක් කර මෙම ක්‍රමවේදයන් තුළින් සිදු වීමට යන මූල්‍ය වංචා සහ දූෂණයන් පිළිබද පරීක්ෂණයක් කර මේවාට සම්බන්ධ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ඉල්ලා සිටිමු.

දුම්රිය නඟා සිටුවීම සඳහා වෘත්තීය සමිති