ජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!

ජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!

පසුගිය දින කීපය තුළදී රටේ ඇතිවෙමින් තිබූ තත්වය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසුව ලංකාවේ සෞඛ්‍යය සම්බන්ධ වෘත්තීමය(professional) සංගම් කීපයකින් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් සහ අනිකුත් උපදේශකයින්ගේද එකමුතුවෙන් කරන ද ඉල්ලීමකට අනුව රජය විසින් ඉතා දැඩි ලෙස රට ඇතුලත සංචරණ සීමා ඇති කිරීමට සහ මහජන එකමුතු වීම අවම කිරීමට ගත් තීරණය අප විසින් ඉතා අගය කරමු.

මෙම ගමන් සීමා පැනවීම නිසා පෞද්ගලිකව මහජනතාවටත් රටක් වශයෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අපගේද අවධානයට ලක් නෙවෙනවා නොවේ.

රජය ගත් මෙම පියවර අප දැඩි ලෙස අගය කරන අතර අප කලින් සඳහන් කළ අයුරින්ම මහජනතාවට සහ ආර්ථිකයට සිදුවන බලපෑම කෙතරම් වුවද සාමාන්‍ය මහජනතාවගේ ජීවිතවලට සිදුවන අවදානම අවතක්සේරු කළ නොහැකි බැවින් ආර්ථිකයට සිදු වන පාඩුව සහ අනෙකුත් ගමන් බාධක වලින් සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන දැඩි බලපෑම් වුවද සුළු කාලයකට හෝ අමතක කර දැමීමට අපට සිදුවනු ඇත. ඒ බහුතරයක් මහ ජනතාවගේ ජීවිත වල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමකට වඩා වටිනා බැවිනි.

කොරෝනා වසංගතය දැනටත් වඩා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමකට ලක් වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකක් නිසා වැඩි විය හැක එනම් කොරෝනා රෝගය නිසාම සිදු වූ මරණ සහ කොරෝනා රෝගීන් ගෙන් ආරෝග්‍යශාලා අනවශ්‍ය ලෙස පිරියාමෙන් සෞඛ්‍ය අංශයේ සිදුවන අඩපණ භාවය නිසා කොරොනා නොවන එහෙත් අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් සිදුවන මරණ නිසාවෙනි. මේ නිසා අප යෝජනා කරන්නේ දැනට පනවා ඇති සංචරණ සහ අනිකුත් සීමා මෙම රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තව දුරටත් කරගෙන යන ලෙසයි.

මේ අවස්ථාවේදී අප විසින් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් පනවා ඇති සංචාරණ සීමා සහ අනිකුත් සීමාකිරීම් තමන්ගේ එදිනෙදා ජීවිත වලට කෙතරම් බලපෑම් කළ ද තමන්ගේ සහ බහුතරයක් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා මෙම කෙටි කාලීන බලපෑම් වලට උපේක්ෂා සහගතව මුහුණ දිමට ධෛර්යයෙන් කටයුතු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම මෙම ඉතා සංවේදී අවස්ථාවේදී සියලුම ජාති හිතෛෂී ජනතාවගෙන්, මාධ්‍ය ආයතනවලින් සහ සියලුම දේශපාලන සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ තමන්ගේ පෞද්ගලික මත භේද අමතක කොට රටේ පොදු සුභසිද්ධිය සඳහා එකට එක් වී කටයුතු කරන ලෙසයි.

එමෙන්ම අප විසින් සියලුම ජාති හිතෛෂී සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ හැකි තරම් දුරට මෙම කරුණු මහ ජනතාවට තේරුම් කරදී ඒවාට අනුකූල වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් අවශ්‍ය නම් ධනාත්මක සංවාදවලින් රජයට සහ සියලුම සෞඛ්‍ය සංවිධානවලට අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් අප රටේ මහ ජනතාවගේ පොදු සුභසිද්ධිය සඳහා කටයුතු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙසයි

අවසාන වශයෙන් ඉතා වැදගත් වන්නේ රෝගය පැතිරීම හැකිතරම් අඩු කිරීමෙන් රට නැවත යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ සඳහා සියලු දෙනාම එකතු වී පොදු අරමුණ වන රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගතයූතු බවත් එමගින් මෙය පාලනය කළ හැකි බවත් අපගේ දැඩි විශ්වාසයයි.

මූලාශ්‍රය -දෙරණ අරුණ පුවත්