අද හෙද කාර්ය මණ්ඩලය නිවාඩු

අද හෙද කාර්ය මණ්ඩලය නිවාඩු

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් මේ තීන්දුව ගත් බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා කියා සිටියේය.

ඒ අනුව, අද උදෑසන සිට හෙට (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.