වැරදි වාර්ථා ලබා දෙන්නේ නිරෝධායන පැකේජ විකුණා ගැනීමටදැයි සැකයක්

වැරදි වාර්ථා ලබා දෙන්නේ නිරෝධායන පැකේජ විකුණා ගැනීමටදැයි සැකයක්

කම්පියුටර් අත්සනෙන් වාර්තා නිකුත් කිරීමේ පලවිපාක...

තලවතුගොඩ ප්‍රදේශයේ ඉහල පෙලේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් විසින් නිකුත් කරන ලද වාර්තා හේතුවෙන් දරු ප්‍රසුතිය වෙනුවෙන් රෝහල්ගත වීමේ අපේක්ෂාවෙන් පසුවූ ගර්භනී මාතාවක් දැඩි අපහසුතාවයකට පත්වී ඇත.

2021.05.20 දින ලබා ගත් ඇයගේ පළමු සාම්පලයට අනූව එකී රසායනාගාරයේ වෛරසවේදියෙකු ලෙස කටයුතු කරන වෛරසවේදයට අදාලව ලංකාවේ නමගිය ඉහල පෙලේ විශේෂඥ වෛද්‍යවරයා තමා යැයි හඳුන්වාගන්නා පුද්ගලයා විසින් මවගෙන් ලබා ගත් සෙම පටලයේ නව කොරෝනා වෛරස RNA හඳුනාගත් බවට වාර්තාවක් නිකුත් කර ඇත.

ඒ සමඟම කොරෝනා ආසාධිතයෙකු ලෙස හැඳින්වූ මවට රෝහලෙන් ලබා දුන් පැකේජයට අදාල මුලද හේතුවෙන්ම පරීක්ෂණය පිළිබඳ සැක පහල වූ ඇය වෙනත් රසායනාගාරයක් හරහා ඊට පසු දින (2021-05-21) නැවත පිසීආර් පරීක්ෂණයක් සිදු කරන ලදී.

එකී සාම්පලයේ අදාල නව කොරෝනා වෛරසය නොමැති බවට වාර්තාව නිකුත් වීමත් සමඟම පටලැවිල්ල තවත් උග්‍ර වූ අතර ඒ හේතුවෙන්ම ⁣පෙරකී තලවතුගොඩ රසායනාගාරය නැවත 22 වැනි දින පීසීආර් පරීක්ෂණයක් සිදු කරමින් පෙරකී වෛරසවේදීයාම කොරෝනා වෛරස RNA නොමැති බව වාර්තා කර ඇත.

තමන් විසින් අත්සන යොදා නිකුත් කරන ලද වාර්තා පිළිබඳ යම් තරමක දැනුවත් භාවයක් පවතීනම් පෙරදිනයේ පොසිටිව් වූ වාර්තාව නැවත නෙගට්ව් වීමට අදාල පසුබිම අධ්‍යයනය මෙවන් වූ අවස්ථාවකදී ඉතාම වැදගත් කර්තව්‍යයකි.

නමුත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ චක්‍රලේඛයට පින්සිදු වන්නට වෛරසවේදියාගේ කම්පියුටර් අත්සනෙන් වාර්තා නිකුත් කරන උක්ත රසායනාගාරය මේ පිළිබඳ සත්‍ය පැහැදිලි කිරීම කල යුතුය.

ඒ අතරම කම්පියුටර් අත්සන හරහා මහජනතාව අවුලෙන් අවුලට පත් කර ඇති වෛරසවේදියා විසින් අදාල මවට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුය.
රවි කුමුදේස්