වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා

වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා

”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා“  සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්‍රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි.

ඊයේ (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”