මේවාත් අත්‍යාවශ්‍ය සේවා වේ

මේවාත් අත්‍යාවශ්‍ය සේවා වේ

සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

ඊයේ (02) දින ජනාධිපතිවරයා විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේය.