අධ්‍යාපන ලේකම්ගේ තීරණය නීති විරෝධියි - ගුරු සේවා සංගමයෙන් අවධාරණය කරයි

අධ්‍යාපන ලේකම්ගේ තීරණය නීති විරෝධියි - ගුරු සේවා සංගමයෙන් අවධාරණය කරයි
2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන ලේකම් විසින් 2021.05.31 දිනැතිව නිකුත් කර ඇති පුවත් පත් නිවේදනය මගින් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 සිට 40 දක්වා ඉහළ දැමීමට තීරණය  කර ති‌බේ.
 
මෙම තීරණය මගින් මෙන් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුව උල්ලංඝණය වී ඇතැයි ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
ඒ අනුව අදාළ තීන්දුව උල්ලංඝණය කරමින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් එම සංගමය සඳහන් කරයි.
 
ලංකා ගුරුසේවා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, "ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මත 2016 වසරේ දී සිසුන් 40ක් වූ පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව වසරකට එක බැගින් අඩුකර 2021 වසරේදී එය 35ක් දක්වා රැගෙන එන ලදී. එසේ තිබියදී නැවත පන්ති කාමරයක සිටිය හැකි ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීම නීති විරෝධීය." යනුවෙනි.