ගුරුවරු හා විදුහල්පතිවරුන්ට ණය සහනයක්

ගුරුවරු හා විදුහල්පතිවරුන්ට ණය සහනයක්

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ණය සහන ලබා දීම සම්බන්ධව ඉල්ලීමක් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බවත් එහි පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත මේ පිළිබඳව වෙන වෙනම ලබා දී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටී.

රට තුළ කොවිඞ්-19 වසංගතයේ දැඩි ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පනවමින් වසරකුත් මාස 03 කට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇත.

එවැනි තත්ත්වයක් තුළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යාවත්කාලීන කිරිම සඳහා අදාළ වන මෙවලම් (Drivers) හා දත්ත (Data) රජයේ කිසිදු අනුග‍්‍රහයක් නොමැතිව පෞද්ගලික වියදමින් මිලදී ගනිමින් ඉගැන්විම් කටයුතු සිදු කරමින් සිටිනුයේ රාජ්‍ය සේවය තුළ වසර 24 ක බරපතළ වැටුප් විෂමතාවයකින් පීඩා විඳින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බව අගමැතිවරයාට අවධාරණය කර ඇත.