තැපැල් සේවකයින් ගැන තැපැල්පතිවරයා සමග කළ සාකච්ඡාව අසාර්ථකයි

chinathaka-bandara

තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය හා තැපැල්පතිවරයා අතර 2021.06.16 දින තැපැල් දෙපාර්තමේන්තුවේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් පැවැති අතර, එහි ප්‍රතිඵයක් ලෙස පහත සඳහන් එකඟතාවයන් එළඹීමට හැකි වූ නොවු බව එම සංගමයේ සභාපති, චින්තක බණ්ඩාර මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව පහත සඳහන් කරුණු වලට එකඟවු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

  1. උප තැපැල් ස්ථානාධිපති බදවා ගැනීම් පරිපාටි පහත පරිදි සංශෝධනය කිරීම,
    • දිස්ත්‍රික් පදනමින් සිදුකළ බදවා ගැනීම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කිරීම.
    • බදවා ගැනීමේදී ආදේශකයින්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය 30 දක්වා අඩු කිරීම,
    • ලකුණු ලබා දීමට සලකා බලන කාලය වසර 10 දක්වා දීර්ථ කිරීම,
    • අවම සුදුසුකම් වලට පමණක් ලකුණු ලබා දීම.
    • උප තැපැල් ස්ථානවල ආදේශකත්වයින්ට අමතරව කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ ආදේශකයින්ද, බාහිර ආයතනවල සේවකයින්ට ලකුණු ලබාදීම.
    මෙම කරුණට අදාලව සංගමයේ දැඩි විරෝධය පලකළ අතර සියළු වෘත්තීය සමිති සමග සාකච්ඡාකර පමණක් අවසන් තීරණ ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීය.
  2. මාණ්ඩලික ශ්‍රේණියේ ස්ථාන මරුකිරීම් වලදී ඉල්ලුම් කරන නිළධාරින් තමන් සේවය කරන ස්ථානයේ අවම වශයෙන් වසර දෙකක කාළයක් සේවය කර තිබීම.
  3. සහකාර අධිකාරී තනතුරු සදහා සම්මුඛ පරීක්ෂණ එක් දිනකට 15 බැගින් කැදවා සිදු කිරීමට සෞඛ්‍ය අංශවලින් අවසර ලබා ගෙන සිදු කිරීම,
  4. මෙහිදී ⁣කුමන තීරණ ගත්තත් මාරුවීම් සිදු කිරීමේ නෛතික තත්ත්වය පසෙකලා යම් යම් අයගේ අවශ්‍යතාවන් පරිදි ජෙශ්ඨත්වය හා අනෙකුත් සුදුසුකමු සැළකිල්ලට නොගෙන වැඩබැලීමට පත්කිරීම හා මාරුකිරීම් සිදුකරීම පිළිබද සංගමයේ දැඩි විරෝදය ඵල කරන ලදී.
  5. පවතින වසංගත තත්ත්වය තුල කාර්යාලවල රාජකාරී ඉටුකී⁣රීමේදී මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් කරුණු ඉදිරිපත් කළ අතර විශේෂයෙන් කාර්යය මණ්ඩල සේවයට පැමිණිමේ දැරිය යුතු ප්‍රවාහ වියදම් හා ලබමින් සිටි සියළුම ප්‍රතිලාභ අහෝසි කිරීම තුල සේවකයින් දැඩි පිඩාවකට පත්ව ඇති බවත් ඒ සදහා සහන සලසන ලෙස ඉල්ලා සිටි අතර මේ පිළිබද සලකා බලා තීරණයක් ලබා දෙන බව තැපැල් පති තුමන් දන්වන ලදී.
  6. කාර්යාලවලට සපයන ආරක්ෂිත ද්‍රව්‍ය උප තැපැල් කාර්යාල සදහා නිසි පරිදි සපයා නොමැති නොමැතිබව දැන්වූ අතර ඒ පිළිබද වහාම සොයාබලා කටයුතු කරන ලෙස ප්‍රාදේශීය පරිපාලනය වෙත දන්වා සිටින ලදී.
  7. කොවිඩ් රෝගයට ගොදුරුවන තැපැල් සේවකයින්ට සහන සැලසීම සදහා තැපැල් සේවකයින් සදහාම නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සතුටු දායක පිළිතුරක් නොලැබුනි.
  8. තැපැල් සේවකයින්ට එන්නත ලබා දීමේදී කරුණු දැක්වුව ⁣ඒ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරන බව දැන් වූ අතර මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති තම කනස්සල්ල පළ කරන ලදී.
  9. ණය වාරික අයකිරී සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර විශේෂයෙන්ම ජාඉබැ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් සොයාබලන බව තැපැල්පති තුමා පැවසීය,
  10. උප තැපැල් කාර්යාල සදහා මුදල් ප්‍රවාහනය කිරීමේදී අවශ්‍යතාවය අනුව පෞද්ගලික වාහන හෝ යොදා ගන්නා ලෙසට ප්‍රාතැඅධිකාරී වරුන් වෙත දන්වන ලදී.
  11. අත්‍යාවශය රාජකාරී ලෙස සිදුකීරීමට දන්වා ඇති කටයුතු වලට හැර ( අත්‍යාවශ්‍ය ගෙවීම් සිදු කිරීම, COD, speed හා ems පාර්සල් බෙදීම හා හා ඖෂධ බෙදීම) වෙනත් රාජකාරී ඉටු කිරීමට මෙතෙක් දන්වා නොමැති බවත් කිසිම ආකාරයකින් බලපෑම් කර සේවකයින් ලවා වෙනත් රාජකාරී ඉටුකර නොගන්නා ලෙසත් යම් කිසි සේවකයෙක් කැමැත්තේ වෙත් රාජකාරී කරන්නේ නම් ඒ පිළිබද ගැටළුවක් නොමැති බවත් පෙන්වා දුනි.
  12. ආදේශක මහතුන්ට දීමනාවක් ලබ දීමට උත්සහ කළත් මෙතෙක් එය සිදු කිරීමට නොහැකි වී ඇති බවත් මේ පිබදව ස්ථිර කාර්යය මණ්ඩලයේ සහය හැකිනම් ලබා දෙන ලෙස ඉල්ලීය,
  13. විදේශ අංශයේ තැතොනි මහතුන්ගේ සේවාවන් සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති විරෝදය පළ කළ අතර එම තත්ත්ය පැමිණ පරීක්ෂාකර බලා තීරණයක් ගන්නා තෙක් අධිකාරී ( මතැහු)උපදෙස් පරිදි කටයුතු කරන ලෙස දැන්වීය.