දුම්රිය ස්ථානාධිපතිවරුන් වසා දමා ඇති දුම්රිය ස්ථානවල සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටී

දුම්රිය ස්ථානාධිපතිවරුන් වසා දමා ඇති දුම්රිය ස්ථානවල සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටී

බලධරයින් දීර්ඝ නිද්රාවකින් අවදිවෙමින් සිටියි. 21 රට විවෘත කරන බව සැලවූ වහාම කඩිමුඩියේ "අපි ready" කියන්නට වාගේ කාලසටහනක් ප්රසිද්ධියට පත්කර ඇත. ඒ අනුව සඳුදා සිට දුම්රිය ධාවනයට නියමිතව ඇත. ⚠️එසේ ධාවනයට නියමිත දුම්රිය මැදිරි, එන්ජින්, දුම්රිය ස්ථාන විෂබීජහරණය කර තිබේද? එහි සෞඛ්යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් දරනු ලබයිද?
⚠️
️ කැළණිවැලි මාර්ගය වැනි මාර්ග සම්පූර්ණයෙන් වල්බිහිවී වැසී ඇති තත්වයක, අනෙක් මාර්ගද පූර්ණ කාලීනව දුම්රිය ධාවනය නොවූ බැවින්ද මාර්ගවල ආරක්ෂාව, සංඥා පිළිබඳ නිශ්චිත තහවුරුව කවුරුන් විසින් සිදුකර තිබේද? ⚠️️ ඉන්දියානු ඩෙල්ටා ප්රභේදය මේ වනවිට දෙමටගොඩ ප්රදේශයෙන් වාර්ථාවී ඇති අතර බහුතර දුම්රිය සේවකයින්ගේ නිල නිවාස, දුම්රිය අංගන, ධාවනාගාර ද පිහිටා ඇත්තේ එම ප්රදේශයේ සහ ඒ හා අවටය. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන් සෘජුවම සම්බන්ධ වන මගී ජනතාවගේ සෞඛ්යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් බාරගනු ලබයිද? ⚠️️ මෙම කරුණු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්යාධිකාරී(ආවරණ) තුමා තීරණ ලබාගෙන ඇත්තේ සොයා බැලීමෙන් අනතුරුවද? අනෙකුත් දුම්රිය බලධාරීන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වගකීම දරණු ලබයිද? යන ප්රශ්න වලට සෘජුවම පොදු මහජනතාව වෙත පිළිතුරු සැපයිය යුතුය. එසේ නොමැතිනම් " දුම්රිය පොකුරක් " බිහි කිරීමේ හවුල්කරුවන් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් වශයෙන් අප සූදානම් නැත. මේ ගැටලු සියල්ල පදනම් කර ගනිමින් වසා දාමා ඇති දුම්රිය ස්ථනවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත සේවය වාර්තා කිරීම වැලැක්වීමට අප සංගමය තිරාණය කර ඇත. මගී ජනතාව සහ දුම්රිය සේවකයින් වෙනුවෙන් අප නොපැකිලිව පෙනී සිටින බව බලධාරීන්ට අවධාරණය කර සිටිමු .