සංචරණ සීමා වලට යටත්ව 21 සිට දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

සංචරණ සීමා වලට යටත්ව 21 සිට දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි
සංචරණ සීමා 21 වෙනි දින ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය සිදුකරන ආකාරය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවරද ධාවනය කටයුතු සිදු කිරීමට නියමිත බවයි.