අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්ටත් දීමනාවක්

අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන්ටත් දීමනාවක්

අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතව සිටින සංවර්ධන නිලධාරීන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදෙන්නයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි.

සංවර්ධන නිලධාරීන්ගේ සේවය මේ වන විට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන බවද ඔවුන් ජනතාව සමඟ එක්ව අවදානම් රාජකාරීවල නිරතවන බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.

තවද 2020 සහ 2021 වසරවල බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ද අවදානම් රාජකාරීවල නිරතව සිටින අතර ඔවුන්ට මසකට හිමි හිමි වන්නේ රුපියල් 20,000ක දීමනාවක් පමණැයිද මුණසිංහ මහතා කීය.