ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට සංදේශයක්

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට සංදේශයක්

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට සංදේශයක් ලංකා ගුරු සංගමයේ සභාපති එස්. පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු හා උප සභාපති රසිකා හඳපාන්ගොඩ මෙනවියගේ අත්සනින් ඊයේ (2021.07.13) දින දහවල් යුරෝපා කවුන්සලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

2021.07.08 දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව සිසුජන ව්‍යාපාරය විසින් කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින්, බහුජන සංවිධාන කි‍්‍රයාකාරිකයින් හා ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් නිරෝධායන නීතිවලට මුවා වී අනීතික ලෙස අත්අඩංගුවට ගන්නා ලදී. අධිකරණයෙන් ඇප මත නිදහස් කළ ඔවුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙද්දී ගේට්ටුව හරස් කර පොලීසිය විසින් බස්රථවල නංවාගෙන බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් රඳවා තබා ගෙන ඇත.

මෙම නීති විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් අද දින ලංකා ගුරු සංගමයේ සභාපති එස්. පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු හා උප සභාපති රසිකා හඳපාන්ගොඩ මෙනවියගේ අත්සනින් ඊයේ (2021.07.13) දින දහවල් යුරෝපා කවුන්සලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

කෝවිඞ් 19 වසංගතය තුළ නිරෝධායන නීතීන්ට මුවා වී වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය කි‍්‍රයාකාරීන්, බහුජන සංවිධාන කි‍්‍රයාකාරීන්, විරෝධතාවල යෙදෙන ගොවි ජනතාව, මාධ්‍යවේදීන් ආදී සියලූ පාර්ශව වෙත ආණ්ඩුව තම මර්දනය මුදාහරිමින් තිබෙන අතර, මානව හිමිකම් උල්ලංඝණය කරමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කිරීමට එරෙහිව මෙම සංදේශය භාරදෙන ලදී.

එසේම 2021.07.12 දින එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව රැෙස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාට ද මේ පිළිබඳව සංදේශ භාර දීම සිදු කරන ලදී.