ගුරු -විදුහල්පති සංගම් හා රජය අතර පැවති සාකච්ඡාවේදී ඉස්මතුවූ කරුණු හෙලිකරයි

ගුරු -විදුහල්පති සංගම් හා රජය අතර පැවති සාකච්ඡාවේදී ඉස්මතුවූ කරුණු හෙලිකරයි
ගුරු -විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුකරගනිම්න් අද (22) දිනයේ ගුරු -විදුහල්පති සංගම් කිහිපයක් අද දිනයේ විරෝධතා පාගමනක් සංවිධාන කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් එහි නිලධාරීන්ට බාරදෙන ලදී.
 
එම අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන් අතර එහිදී ජනාධිපතිවරයා වෙනුවට ජනාධිපති පුද්ගලික ලේකම් හා අතිරේක ලේකම්වරු දෙදෙනෙක් සහ අධ්‍යාපන අමාත්‍යවරයා දුරකථන මාර්ගයෙන්ද එකතුවෙමින් සාකච්ඡාව පැවැත්විනි. මේ සාකච්ඡාව සඳහා ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා,ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතා ඇතුළු විදුහල්පත්වරු කිහිප දෙනෙක් එක්විය.
 
ගුරු -විදුහල්පතිවරුන් මතුකර ඇති ගැටළු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් එළැබෙන සඳුදා දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කීරිමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අඟහරුවාදා දින 11.00 ට පමණ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාවේදී කතිකාවට ලක්කරන බවටත් සාකච්ඡාවේදී එකඟ වී ඇත.
 
එලැඹෙන සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයා,අධ්‍යාපන අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමඟ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු සම්බන්ධයෙ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් එහිදී පොරොන්දු වී තිබේ.
 

කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු කාරණා මඟින් සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් නොලැබුනොත් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි වෘත්තීය සමිති නායකයින් වැඩබිම වෙත වැඩිදුරටත් සඳහන් කළේ.