ගුරු -විදුහල්පති අරගලය පෙරට -ජනාධිපතිවරයා විසින් සංගම් නියෝජිතයින් සාකච්ඡාවකට අවස්ථාව දෙයි

ගුරු -විදුහල්පති අරගලය පෙරට -ජනාධිපතිවරයා විසින් සංගම් නියෝජිතයින් සාකච්ඡාවකට අවස්ථාව දෙයි
කොතලාවල පනත ඉරා දමනු!
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව වහා විසඳනු!
පීඩාකාරී කොළ පිරවිල්ලට විසඳුම් දෙනු!
අධ්‍යාපනයට ද.දේ.නි. 6%ක් වෙන් කරනු!
 
යන ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමි ගුරු -විදුහල්පතිසගම් අද දිනයේ විරෝධතා පාගමනක් සංවිධාන ය කළ අතර කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භකල පාගමන ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන ලදී.
 
ජනාධිපති කාර්යාලය අසලදී සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදුන් අතර එහිදී මතුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් විරෝධතාවයේ නිරතවූ වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකුට ඒ අවස්ථාවේදීම සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන් බවයි වැඩබිම අප වාර්තාකරු සඳහන් කළේ.
 

මේ අවස්ථාව වනවිට ජනාධිපතිවරයා හා ගුරු - විදුහල්පති සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාව සිදුවෙමින් පවතින අතර එහිදී සාකච්ඡා කළ කරුණු කාරණා හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පසුව ගෙන ඒමට බලාපොරොත්තුවෙමු.

 11

teacher

111