දුම්රියේ ගමන් බිමන් යන මඟීන්ට සුබ ආරංචියක්

 දුම්රියේ ගමන් බිමන් යන මඟීන්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට සමගාමීව අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රියන් 30ක් අද දිනයේ සිට යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 
දුම්රිය දෙපාතමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දුම්රිය මගීන් ප්‍රමාණය අනුව මේ සතියේ ධාවනය කෙරෙන දුම්රිය ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම්කර ඇති බවයි.