රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය සේවකයින් දැනගතයුතු වැදගත් යමක්

රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය සේවකයින් දැනගතයුතු වැදගත් යමක්
රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙන්ම පිට පළාත්වලත් රාජ්‍ය සේවකයින්ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අවශ්‍ය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවත් සඳහන්.
 
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සමඟ පළාත් අතර සංචරණය බාදාවකින් තොරව සේවයට පැමිණීමේ පහසුව සැලසෙන අතර ඒ සඳහා පහසුකම් සලසන සියලු පොලිස් ස්ථානවෙත නියෝග ලබා දී ඇති බවයි පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
 

යම් අවස්ථාවකදී අදාළ රාජකාරී ස්ථානයේ සේවය කරන බවට සනාථ කිරීම සඳහා රාජකාරී හැඳුනුම්පත හෝ ලියකියවිලි ඉදිරිපත්කරන ලෙස පොලීසිය පවසා සිටියහොත් ඒ සඳහාද කාරුණිකව කටයුතු කරන ලෙසත් ඒ මහතා පැවසීය.