ගුරු-විදුහල්පති අරගලයට විසඳුම් නෑ - වර්ජනය දිගටම

ගුරු-විදුහල්පති අරගලයට විසඳුම් නෑ - වර්ජනය දිගටම

ගුරු වැටුප් අරගලයේ අද දින සාකච්ඡාවත් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒම නිවේදනයෙන් කියා වැඩිදුරටත් සඳහන් වන්නේ, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට බල කරමින් සියලූ ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතව සිටින අතර, මෙම ගැටලූව විසඳීමට ජුලි 27 දින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන ලදී. එහිදී ප‍්‍රකාශ කරන ලද්දේ මෙම ගැටලූව විසඳීමට අදාළව 2021.08.02 දින නැවත කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බවයි. එසේම 2021.08.03 දින නැවත සාකච්ඡාවක් ලබා දෙන බවද සඳහන් කරන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුරු හා විදුහල්පති සංගම් සමග ඊෙය් දින (2021.08.03) දහවල් 12.30 ට සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡුාවේදී සඳහන් කරන ලද්දේ එළඹෙන අයවැයෙන් මෙම වැටුප් ගැටලූව විසඳීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අයවැයෙන් ලබාදෙන විසඳුම කුමක්ද යන්න ප‍්‍රශ්න කළ අතර, ඒ පිළිබඳ පිළිතුරක් නොවීය. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ඉල්ලා සිටින ලද්දේ 2021.07.22 දිනැතිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ‘සුභෝධනී කමිටු’ වාර්තාව කි‍්‍රයාත්මක කරන ලෙයසි. එහිදී අමාත්‍යවරු ප‍්‍රකාශ කරන ලද්දේ එළඹෙන සඳුදා දින (2021.08.09 දින) නැවතත් අමාත්‍ය මණ්ඩලය සමග මේ පිළිබඳ සාකච්ඡුා කරන බවයි.

ජුලි 12 දින සිට රටේ සමස්ත ගුරුවරු හා විදුහල්පතිවරු අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නියැලෙමින් සිටියදීත් ආණ්ඩුව ගුරු-විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමට නිසි ක‍්‍රමවේදයක් ඉදිරිපත් නොකර කල්මරමින් සිටින ආකාරය මේ තත්වය තුළ පැහැදිලි වේ.

මේ වන විට අධ්‍යාපන ලේකම්වරයා විසින් අධ්‍යයන කාර්ය මණ්ඩල පාසල්වලට කැඳවා නිකුත් කර ඇති 2021.08.01 දිනැති ලිපිය අවලංගු කර පාසල් පටන් ගැනීමට සතියකට පෙර පාසල්වලට ගුරුවරු කැඳවීමට කටයුතු කරන ලෙස වෘත්තීය සමිති අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡුා කර එම ලිපිය ඉවත් කිරීමට කටයුතු කරන බවට එකඟ වන ලදී.

ආණ්ඩුව මේ ආකාරයෙන් 240,000 පමණ වන ගුරුවරුන්ගේ හා 16,000 ක් පමණ වන විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලූවට විසඳුම් ලබා නොදෙමින් මේ ආකාරයට කල්මරමින් සිටින තත්වයට එරෙහිව තවදුරටත් අපගේ වෘත්තීය කි‍්‍රයාමාර්ග තීව‍්‍ර කිරීමට කටයුතු යොදන අතර, සියලූ ගුරු-විදුහල්පතිවරු ජයග‍්‍රහණය තෙක් අධිෂ්ඨානශීලීව වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

එසේම තවත් කි‍්‍රයාමාර්ගයක් ලෙස හෙට 2021.08.04 දින වැලිසර නවලෝක කී‍්‍රඩාංගනය අසලින්, කඩවත අධිවේගී පිවිසුම අසලින්, පන්නිපිටිය ධර්මපාල විදුහල අසලින් හා මොරටුව නගරයෙන් ආරම්භ වන රථ පෙළපාලිවලින් කොළඹ නගරයට විරෝධතා රථ පෙළපාලියක් පැමිණීමට කටයුතු යොදා ඇත. මේ සඳහා සෑම ප‍්‍රදේශයකින්ම ගුරු-විදුහල්පතිවරු සම්බන්ධ වීමට නියමිතය.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය, කඳුරට ගුරු පෙරමුණ, ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව, ගුරු විමුක්ති පෙරමුණ, ලංකා ප‍්‍රගති ගුරු සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, කතෝලික ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය, එක්සත් ද්‍රවිඩ ගුරු සංගමය, ශී‍්‍ර ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය, වතු ගුරු සංගමය, ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමය, ශී‍්‍ර ලංකා ඉස්ලාමීය ගුරු සංගමය, ලංකා ගෘ.විද්‍යා හා කෘ.වි. ඩිප්ලෝමාධාරී සංගමය