මහජනතාවගේ පරීක්ෂණ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යංශය පැහැර හරිමින් ඉන්නවා

මහජනතාවගේ පරීක්ෂණ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යංශය පැහැර හරිමින් ඉන්නවා

කොවිඩ් පරීක්ෂණයක් කර ගන්න බැරුව රටේ මිනිස්සු විදින දුක දන්නේ නැතුව, මිළ පාලනය කරා කියලා හිතා ගනිමින් සීත කාමර වල ඉන්න අය රටේ මිනිස්සුන්ගේ ඇත්ත අමාරුව දන්නේ නැහැ. රසායනාගාර අටකට වැඩේ පවරලා, මිල පාලනය කලාට ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ වලින් මිනිස්සුන්ට පරීක්ෂණ කර ගැනීමේ හැකියාව වලක්වලා තියනවා. මාර්ගෝපදේශ හදන අයට කොමිස් ලැබෙන විදිහට ඒවා සංකීරණ කරගෙන තියනවා. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීම තහනම් කරලා, පුළුවං තැනකිං කරගෙන්න එනකං නිරෝධායන බෝඩ් ගලවන්නේ නැහැ කියලා තර්ජනය කරනවා.

තාම තියෙන්නේ ජුනී මාසේ ගහපු මාර්ගෝපදේශය. එතකොට වසංගතය තිබුණේ තුන්වන මට්ටමේ. දැං අපි ඉන්නේ පස්වන මට්ටමේ. තාමත් මාර්ගෝපදේශ එහෙමමයි. මාර්ගෝපදේශ වල ඒකාධිකාරය නැතිකරලා, රට පුරා සෑම රසායනාගාරයකම පරීක්ෂණ කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ හදන ඇතැම් ඊනියා විෂේශඥයින් කොමිස් හෝ ඒකාධිකාරය සදහා කරන බාධාවන් වාහාම ඉවත් කල යුතුයි.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සදහා ක්ෂුද්‍රජීවවේදියෙක් ඕනේ කියලා ඇතැම් මාර්ගෝපදේශවල තියනවා. ලෝකයේ කොවිඩ් සදහා "හෝම් ටෙස්ටින්" කථා කරන යුගයක මේවා විහිළු. රටේ හැම රසායනාගාරයකටම ක්ෂණික ප්‍රතිදේහ සිදු කිරීමේ අවසරය දිය යුතුයි. අඩුම තරමින් මූලික රෝහල්.මට්ටම දක්වා රැපිඩ් PCR පරීක්ෂණ යන්ත්‍ර ලබා දිය යුතුයි.

මහජනතාවගේ පරීක්ෂණ අවශ්‍යතාවය රජයේ රෝහල් තුල ඉටුකර දීමේ වගකීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය, අඩුම තරමින් තමන්ගේ ප්‍රදේශයේ, තමන්ගෙව් වුවමණාවට පරීක්ෂණයක් කර ගැනීමේ අයිතිය මහ ජනතාවට ලබා දිය යුතුයි.

රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය