සියලුම අභ්‍යසලාභින් ස්ථීර කිරීම හා වැටුප් සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

සියලුම අභ්‍යසලාභින් ස්ථීර කිරීම හා වැටුප් සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ විධායක සභාවේ තීරණයකට අනුව දැනට රාජ්‍ය සේවාවේ සහ පළාත් රාජ්‍ය සේවාවේ සිටින උපාධිධාරීන්ගේ නොවිසඳුණු වෘත්තිය ගැටලු සහ වෘත්තීය තත්ත්වය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයකට අදාලව අත්හිටවපු වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ප්‍රකාශ කර තිබේ.

එහිදී  සියලුම අභ්‍යාසලාභීන් එකම දිනක ස්ථිර කරගැනීමට හා හිඟ වැටුප් සහ විශ්‍රාම වැටුප ලබා ගැනීමට මෙලෙස අරගලය දියත් කරන බවයි සංවර්ධන නිලධාරීන් සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් චන්දන සූරියාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.