උපාධිධාරි/අභ්‍යාසලාභීන් පත්වීම් නොලැබූවන් නැවැත්වීමට තීරණයක්

උපාධිධාරි/අභ්‍යාසලාභීන් පත්වීම් නොලැබූවන් නැවැත්වීමට තීරණයක්

මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහා පත්වීම් නොදුන් බඳවාගැනීම් නැවැත්වීමට ගෙන ඇති තීරණයට උපාධිධාරී / ඩිප්ලෝමාධාරී අභ්‍යාසලාභී පුහුණුවන්නන්ව අදාළ කර නොගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, චන්දන සූරියආරච්චි මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් එම ලිපියේ සඳහන්ව ඇත්තේ, 2021 අගෝස්තු 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් වියදම් සීමා කිරීම සඳහා ගනු ලැබූ තීරණ අතර සේවක බඳවාගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර මෙතෙක් පත්විම් ලිපි නිකුත් නොකල තනතුරු සඳහා බඳවාගැනීම් ද අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළ බව 2021.08.31 දින මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ආණ්ඩුවේ සහ රජයේ අනවශ්‍ය වියදම් කළමනාකරණය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු අතර එය මෙවැනි ආපදාවක දී පමණක් නොව අතීතයේ සිට වර්තමානයේ ද අනාගතයට ද සිදුවිය යුත්තක් බව අපි පිළිගනිමු. අනවශ්‍ය වියදම් පාලනය කිරීමට ගත් තීරණයට අපි ගරු කරමු. මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා පත්වීම් ලිපි නොදුන් බඳවා ගැනීම් නැවැත්වීමට ගෙන ඇති තීරණයට 2020 මාර්තු 02 සිට අභ්‍යාසලාභී පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කරමින් 2020.09.02 සහ 2021.02.02 සිට පුහුණුවට අනුයුක්ත කර ඇති උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සම්බන්ධයෙන් එම තීරණය අදාළ නොකර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා විසින් 2020 ජනවාරි මස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ‘‘රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම 2020’’ යටතේ 2020.02.07 සිට 20 දක්වා අයදුම්පත් භාර ගන්නා ලදි. ඒ අනුව 2020.03.02 සිට අභ්‍යාසලාභී පත්වීම් ලිපි ප්‍රධානය කර පුහුණුව සඳහා අනුයුක්ත කළ අතර යළි 2020.09.02 හා 2021.02.02 දින යටතේ ආණ්ඩුව උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 60 000 ක් බඳවා ගැනීමේ වැඩ සටහන යටතේ එම පිරිස බඳවා ගන්නා ලදි.

ඉහත දින සහිත වසරක අභ්‍යසලාභී පුහුණුව සම්පූර්ණ කරන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2021 සැප්තැම්බර් 03 දිනට ස්ථීර කිරීම සඳහා අදාළ දින සම්පූර්ණවන බව ද දන්වා සිටින්නෙමු.

රටේ පවතින Covid-19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ පුළුල් කිරීම හා ජනතාවට ලබාදිය හැකි සහන ලබා දීම වෙනුවෙන් අලූතින් මුදල් වෙන්කර ගැනීමත්, අනවශ්‍ය වියදම් සීමා කිරීමත් කළ යුතුව ඇත.

අධිවේගී මාර්ග ඉදිකිරීමේ සිට අද වනවිටත් ඇතැම් ග්‍රාමීය මට්ටමේ ගමන් කළහැකි කොන්ක්‍රීට් යෙදූ පාරවල් උඩින් පවා ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයින් මැදිහත් වී කාපට් ඇතිරීම, ඇවිදින මංතීරු සෑදීම, කායවර්ධන මධ්‍යස්ථාන සෑදීම වැනි පත්ව ඇති අසීරුතාවයට සාපේක්ෂව ප්‍රමුඛතා ගත කිරීමේ දී හදිසි කටයුතු නොවන බැවින් ඒවා පිළිබඳ යළි සලකා බැලිය හැකිය.

එමෙන්ම මැති ඇමතිවරුන්ගේ කාර්යාල, ඉන්ධන, දුරකථන ඇතුළු වියදම්වල පවා යම් සීමාවන් ඇතිකළ හැකිය. එවැනි සීමා කිරීම් සඳහා අවධානය ද යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ගරු ජනාධිපතිතුමාගේ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව හා ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාශනය අනුව 2020 මාර්තු 02 සිට 2020.09.02 හා 2021.02.02 යන දිනයන්හි අභ්‍යාසලාභී පත්වීම් ලිපි ප්‍රධානය කර ඇති සියලූම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2021.09.03 දිනට ස්ථීර කිරීමත් ඒ සඳහාවන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමටත් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.