ගුරුන්ට එරෙහි වූ උප සභාපතිට එරෙහි ගුරුන්ගෙන්  විරෝධතාවක් 

ගුරුන්ට එරෙහි වූ උප සභාපතිට එරෙහි ගුරුන්ගෙන්  විරෝධතාවක් 
මාවනැල්ල ප්‍රාදේශීය සභා උප සභාපති කේ. ජී.  පියතිස්ස, මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අද (07) ගුරුවරුන් විසින් විරෝධතාවක් පවත්වන ලදී.
 
මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති කේ. ජී.  පියතිස්ස යන අය පසුගිය 3 වනදා මාවනැල්ල- මෙඩේරිගම මහා විද්‍යාලයේදී ගුරුවරුන්ට බැණවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා විය. 
 
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව විසඳන ෙලස ඉල්ලා පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරුවරුන් සිය පාසල ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් සිටින අවස්ථාවේදී සභාපතිවරයා පැමිණ තර්ජනය කර ඒකී බැනර් උදුරා ගන්නා අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දක්නට ලැබිණි.
 
කෙසේ වෙතත් අද පැවති විරෝධතා ව්‍යාපාරය,  මෙඩේරිගම විදුහල අසලින් ඇරඹුණු අතර මෙම විරෝධතා පාගමන සඳහා ගුරු විදුහල්පති හා මවුපියන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.
 

මොවුන්  මාවනැල්ල නුවර මාර්ගය බෝගස් හංදිය අසලින් අවහිර වනසේ පැවති විරෝධතාව මාවනැල්ල පොලීසිය අසළට ගමන්කර පොලීසිය වටකරමින් විරෝධය දැක්වූයේ අදාළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්ය.