වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා

වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා

මේ වන විට රටේ අයහපත් කාලගුණික තත්ත්වය මත , අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයන් ජලයෙන් යටවීම , පස්කඳු හා විශාල ගල් කඩා වැටීම, ගස් කඩා වැටීම , දුම්රිය මාර්ග නායයෑම වැනි ආපදාවන්ට ලක් වීම මත දුම්රිය ගමනාගමනයට දැඩි බධා මතුව ඇත.මින් වැඩිම හානියක් උඩරට දුම්රිය මාර්ගයට සිදුව ඇත. කොළඹ කොටුව බදුල්ල ප්රධාන මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් මේ වන විට නායයෑමට ලක්ව ඇති අතර කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව  ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩබිම හා සඳහන් කළේය.

එමෙන්ම ඉහල කෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් නායයෑමට ලක්ව ඇත. විශාල පස්කඳු හා විශාල කලුගල් දුම්රිය මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් ද දුම්රිය මාර්ගයට හානි සිදුව ඇත.එම පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය යථාවත් කිරීමේ කටයුතු මේ වන විට දුෂ්කරතා බාධක හා අයහපත් කාලගුණය මධ්යයේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාල අංශයේ නිලධාරීන් හා සේවක මහතුන් පවතින කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය මාර්ගය නායයෑමට ලක් වූ ඇතැම් ස්ථාන යලි යථාතත්වයට පත් කිරීමට දින ගණනාවක් ගත වන බව අපට මේ වන විට දැන ගැනීමට ලැබී ඇති අතර, මෙම මාර්ගය පිළිසකර කරන තුරු ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සිදු කිරීමට කටයුතු කර ඇත.

දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් මඳුරන්කුලිය උප දුම්රිය ස්ථානය අසල මාර්ගයේ හා බංගදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම ජලය බැසයන තුරු පුත්තලම් මාර්ගයේද දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.

 

1

2

4

5