රජයේ ආයුර්වේද වෛද්‍යවරුගේ උද්ඝෝෂණයක්

protest

ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා බලපානු ලබන සේවා ඉල්ලීම් 06ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍යවරු අද (10) දින දහවල් 12ට බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා පැය 06ක සේවා මුරයක් ලබා ගැනීම, වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබා ගැනීම, රු. 10,000 කින් වැටුප වැඩි කර කර ගැනීම, රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා රැකියා ලබා ගැනීම, සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම, මාරු මණ්ඩල අක‍්‍රමිකතා නතර කර ගැනීම යන ඉල්ලීම් මූල් කරගනිමින් මෙම විරෝධතා උද්ඝෝෂණය කරන බවයි.