විශ්‍රාමිකයින්ගේ වැටුපට තට්ටු කරන ‍යෝජනාව තාවකාලිකව හකුලාගනි‍යි

විශ්‍රාමිකයින්ගේ වැටුපට තට්ටු කරන ‍යෝජනාව තාවකාලිකව හකුලාගනි‍යි
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
ඊයේ (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.
 
ඒ් අනුව දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් 2021.10.29 වන දින නිකුත් කරන ලද 12/2005 (VIII) චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.
 
2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් අයකරගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවයි.
 
එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතුවිය.
 
ෙකෙස් ෙවතත් රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් රජයේ මෙම තීරණයට විරෝධය පළ කළ අතර ඔවුන් පෙන්වා දුන්ෙන් එලෙස හිතුවක්කාරී ලෙස විශ්‍රාමිකයින්ගෙන් මුදල් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවයි.
 
සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා,  පසුගියදා පැවති මාධ්‍ය හමුවකට ඒක්ෙවමින් ෙමෙස් සඳහන් ෙකළ්ය.
 
"දැන් දිගින් දිගටම අපිට දුරකථන ඇමතුම් එනවා. සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 200ක්. ඒ යටතේ අග්‍රහාර හිමිකම අපි ඉල්ලා හිටියේ. අලුත් චක්‍රලේඛයෙන් ඒක වෙනස් කරලා හිතුවක්කාරීව මුදල් අයකිරීමට බලයක් නැහැ. කොට්ඨාස සංගම් හැටියට අපි රු.100ක් අයකරනවා. ඔය විදියටම අපි අපේ අයට ගෙවනවා. ආණ්ඩුවට බැරිද සාමාන්‍ය ලෙස දෙන්න. මේ චක්‍රලේඛයට ලොකු විරෝධයක් තියෙනවා. අපිව පාරට බස්සන්න ලෑස්තිවෙන්න එපා."
 
ඒ් අනුව ෙමම විෙරා්ධතා ෙහ්තුෙවන් ෙමම චක්‍ර ෙල්ඛය තාවකාලිකව හකුළාෙගන අැති බව පැහැදිය.