ගුවන් තොටුපල රසායනාගාර කතරගම මල් කඩ ගානට වැටිලා

ගුවන් තොටුපල රසායනාගාර කතරගම මල් කඩ ගානට වැටිලා
  • සෞඛ්‍ය ලේකම්ගේ වැරදි තීරණ නිසා මැද පෙරදිග ශ්‍රමිකයන්ට PCR දෙක දෙක කරන්න සිදු වෙලා

ගුවන්තොටුපලින් පිටත් වන මගීන් සදහා PCR නීති දෙකක් පවතී. ගුවන් ගතවීමට පැය 48කට පෙර PCR පරීක්ෂණයක් අවශ්‍ය වීම ඉන් එකකි. මැද පෙර දිග සදහා යන මගීන්ට පමණක් පැය 6කට පෙර PCR පරීක්ෂාවක් අවශ්‍යවීම තව එකකි. නමුත් පැය 6 යණු, පැය 48ට අඩු එකක්ම බව නොදන්නා සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග හේතුවෙන් මැද පෙරදිග ශ්‍රමිකයින් සදහා PCR පරීක්ෂණ දෙකක් කිරීමට සිදුව ඇත.

එමිරේට් ගුවන් සමාගම පැය හයකට පෙර සිදුකරණු ලැබූ PCR පරීක්ෂණ ප්‍රතිඵල් අවශ්‍ය බව කල නිවේදනයට අනූව සෞඛ්‍ය ලේකම්වරයා සිවිල් ගුවන් සේවා අධිකාරියට යවන ලද අරුම පුදුම ලිපිය හේතුවෙන් මැදපෙරදිග රැකියා සදහා පිටත්වන මගින් මෙලෙස අසාධාරණයකට සහ ගසා කෑමකට ලක්ව තිබේ.

එපමණක් නොව සෞඛ්‍ය ලේකම්වරයාගේ එම ලිපිය.මගින් පැය තුනකට වඩා අඩු කාලයකදී පරීක්ෂණ වාර්ථා ලබා දිය හැකි, ගුවන්තොටුපල පරිශ්‍රයේ ඔහු යටතේම පවතින රසානාගාරයත්, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින රසායනාගාරයත් යන දෙකම අමතක කොට, ඒ කාර්‍ය පෞද්ගලික රසායනාගාර කිහිපයකට පැවරීම හේතුවෙන්, මේවනවිට ගුවන්තොටුපල රථ ගාලේ පවතින රසායනාගාර කතරගම මල් වෙලදසැල් තත්ත්වයට පත්ව තිබේ.

ඊටත් වඩා හාස්‍යට කරුණ වන්නේ සෞඛ්‍ය රෙගුලාසි රැකිය යුතු සෞඛ්‍ය ලේකම් වරයා විසින්ම, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් භාවිත කර එම පරීක්ෂණ සිදු කර ගන්නා ලෙස අදාල ලිපියෙන් දන්වා තිබීමය.

මේ හේතුවෙන් අදවනවිට පෞද්ගලික සෞඛ්‍ය ආයතනන ලියාපදිංචි කිරීමේ සභාවේ නිසි අවරයක් නොමැති රසායනාගාරයක්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව ගුවන් තොටුපල රථ ගාලේ අටවා ඇති රසායනාගාරයක් මගින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති PCR යන්ත්‍රයක් යොදවමින්, යන්ත්‍රයේ ධාරිතාවටත් වඩා විශාල ප්‍රමාණයක් PCR පරීක්ෂණ වාර්ථා නිකුත්කරමින් පවතී.

මේ සියළු අක්‍රමිකතාවයන්ට සෞඛ්‍ය ලේකම්වරයාගේම ලිපියක් භාවිතාවීම අතිශය කණගාටුදායක තත්වයක් වන අතර, වැරදි PCR වාර්ථා නිකුත්වීම මගින් ඇතිවන විවාදාත්මක තත්වය මැදපෙරදිග රැකියා වෙළදපලටද අවධානම් තත්වයකි. විවිධ පුද්ගලයිගේ කොමිස් වුමණාව තහවුරු කරවීම උදේසා එකක් වෙනුවට දෙකක් PCR පරීක්ෂණ සිදුකරමින් ගසාකෑමකට හසුව ඇති මැදපෙරදිග ශ්‍රමිකයින් ඒ නිසාම තම රැකියාව අහිමි කර ගන්නා දිනයද වැඩි ඈතක නොවේ.

air port pcr

ravikumudesh photo

රවී කුමුදේස්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය