නුවරඑළියේ ගොවී විරෝධතාවක්

නුවරඑළියේ ගොවී විරෝධතාවක්

නුවරඑළිය ගොවීන් සහ එළවලු වගාකරුවන් තමන් මුහුණ දී සිටින ගැටළු රජයේ අවධානයට යොමු කිරීම සඳහා (21) දින පෙරවරුවේ නුවරඑළිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙම උද්ඝෝෂණයට සහයෝගයක් ලෙස නුවරඑළිය සහ කඳපොල නගරවල එළවළු ඇතුළු සියලු  වෙළඳසැල් හිමියන් තම වෙළඳසල් වසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය ලබාදුන්ය.

එමෙන්ම නගරයේ කළු කොඩි ඔසවා එළවළු ගැනුම්කරුවන් සිය සහය මෙම උද්ඝෝෂණය සඳහා ලබාදීම කැපී පෙනෙන ලක්ෂනයක් විය.

එළවලු වගාකරන ගොවීන්, වෙළෙඳසැල් හිමියන්, වගාබිම් වල රැකියා කරන දෛනික කම්කරුවන් තම වැඩ නවතා මෙම උද්ඝෝෂණයට සහාය දැක්විය.

නුවරඑළිය, කඳපොළ ඇතුළ නගල වල කිසිඳු නොසන්සුන්කාරි තත්ත්වයක් නොවූ අතර, තම උද්ඝෝෂණය ඉතා සාමාකාමි ලෙස පැවැත්වීමට කටයුතු කළ අතර, පොලීසිය හා ආරක්ෂක අංශවල සාමාජිකයින් ආරක්ෂක කටයුතු වල නිරත විය.

විශේෂයෙන්ම නුවරඑළියේ සිට එළවළු ප්‍රවාහනය ද ඊයේ සම්පූර්ණයෙන් නැවතී තිබූ බව දක්නට ලැබුණි.