ගෑස් අනතුරු ගැන විශේෂඥ මතය සහ ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

ගෑස් අනතුරු ගැන විශේෂඥ මතය සහ ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි.

ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.

ගෑස් ආශ්‍රිත පිපිරීම් ජනතාවගේ නොසැලකිල්ල නිසයි – ලිට්‍රෝ ගෑස් කියයි

මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

මේ අතර මේ දිනවල සුලභව වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන්නේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බව රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම පුවත්පත් දැන්වීමක් පල කරමින් සඳහන් කරයි. ‘‘වැදගත් නිවේදනයක්‘ ලෙස පල කර ඇති එහි, මේ දිනවල සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් දැක්වෙන්නේ “මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිතා නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රෙගියුලේටර්, නළ සහ උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙනි.” යනුවෙනි.